මින් පෙර ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ වැඩසටහන් රැසක් යළිත් චැනල් අයි නාලිකාව ඔස්සේ විකාශය කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, ජනතා ආදරයට පත් වූ ටෙලි නාට්‍ය, වාර්තා වැඩසටහන්, නාට්‍ය හා සංගීත වැඩසටහන් පෙළක් මෙලෙස විකාශය වීමට නියමිතයි.
2024 දෙසැම්බර් 07 වනදා පටන් උදෑසන 8.30 සිට සවස 6.30 දක්වා මෙම වැඩසටහන් චැනල් අයි නාලිකාව ඔස්සෙ නැරඹිය හැකියි.
එමෙන්ම, චැනල් eye නාලිකාව ඔස්සේ මෙලෙස විකාශය වන වැඩසටහන් Sri Lanka Rupavahini සහ Channel Eye Rupavahini යන You tube චැනලයන් හරහා ද ඔබට නැරඹීමට හැකියාව පවතිනවා.