31 C
Colombo
Friday, April 19, 2024

ජල, විදුලි, තෙල්, වරාය අද උද්ඝෝෂණයේ

- Advertisement -

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් හා මෙරට LNG සැපයුම අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට ලබාදීමට එරෙහිව ඛනිජතෙල්, වරාය, විදුලිය සහ ජල සම්පාදන ආයතන ඉදිරිපිට එහි සේවකයින් අද (03) විරෝධතාවයක නිරත වනවා.

විරෝධතා හේතුවෙන් විදුලි බිඳවැටීම් සහ ජල සැපයුමට බාධා සිදුවුවහොත් එහි වගකීම තමන් භාරනොගන්නා බවයි වෘත්තිය සමිති ඊයේ පැවති මාධ්‍ය හමු වලදී අවධාරණය කර සිටියේ.

කොළඹ පිහිටි විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදි ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් අද දහවල් විරෝධතාවයේ නිරත වන අතර දුලි සේවක විරෝධතාවයට සහය දක්වමින් ලංකා ඛණිජ තෙල් සංස්ථා සේවකයන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටදී සහ කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය ඉදිරිපිටදී අද දහවල් විරෝධතාවයේ නිරත වනවා.

මේ අතර, කොළොන්නාව තෙල් සංස්ථාව ඉදිරිපිට මාර්ගයේ පැවැත්වීමට නියමිත විරෝධතාවයෙන් මහජන පීඩාවක් ඇති වන බැවින් එය නවතා දමන ලෙස ආඥාවක් නිකුත් කරන්නැයි වැල්ලම්පිටිය පොලීසිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඊයේ ප්‍රතික්ෂේප කළා.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් තමාට නියෝගයක් නිකුත් කළ නොහැකි බවයි අතිරේක මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ.

විදුලි සේවක උද්ඝෝෂණය හමුවේ විදුලි විසන්ධි වීමක් සිදුව එය යථා තත්වයට පත් කිරීමට නොහැකි වුවහොත් ජල සැපයුමට ද බාධා එල්ල විය හැකි බවයි ලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු, ඉංජිනේරු උපාලි රත්නායක පවසන්නේ.

මීට සමගාමීව වරාය වෘත්තීය සමිති සංවිධානය කර ඇති විරෝධතාවය කොළඹ වරාය ඉදිරිපිට පිහිටි ඔරලෝසු කනුව අසලදී පැවැත්වෙන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ලේකම් නිරෝෂන් ගොරකානගේ පවසනවා.

මේ අතර, කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටස්වලින් 40%ක් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට ශ්‍රී ලංකා රජය අත්සන් කර තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙරුණි.

RECENT ARTICLES - SINHALA

රනිල්ට තනතුරක් ඕනනම් සජබෙට සහය දෙන්න

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන්නේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදුකළ හැකි බව සමගි ජන...

වසර 34කට පසුව කොටු වූ ඝාතකයා

වසර 34ක් පුරා අධිකරණය මඟහැර සැඟවී සිටි අපරාධකරුවෙකු ඊයේ (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන...

ශ්‍රීලනිප අභ්‍යන්තර ගැටලු විසදන්න අපිට බලයක් නැහැ- මැතිවරණ කොමිෂන් සභාව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ගැටලු විසදීමට සිය කොමිසමට කිසිදු නෛතික බලයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙනවා. එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...