26 C
Colombo
Wednesday, October 4, 2023

අපි විදුලිය සිංගප්පූරුවටත් අපනයනය කරනවා – රාජ්‍ය අමාත්‍ය දුමින්ද

- Advertisement -

හම්බන්තොට මුහුදේ වෙරළාශ්‍රිතව ඉදිකරන ලද සුළං බලාගාරයක් හරහා සිංගප්පූරුවට විදුලිය අපනයනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

විදුලිබල අර්බුදය සම්බන්ධයෙන් අද (31) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පලකළා.

ශ්‍රී ලංකාවට පැමිණි ආයෝජකයෙකු මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බවයි අමාත්‍යවරයා මාධ්‍ය වෙත පවසා සිටියේ.

මෙම ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 5000 ක විදුලියක් ජනනය කරන බවත් ඉන් මෙගාවෙට් 1000 ක් මෙරටට ලබාදී ඉතිරි මෙගාවොට් 4000 සිංගප්පූරුවට අපනයනය කිරීමට සූදානම් වනවා.

මෙතෙක් කල් විදුලිය අපනයනය කළ හැකි යැයි ආණ්ඩුව කල්පනා නොකළ බව අමාත්‍යවරයා පවසනවා.

මේ හරහා ලංකාවට ආදායමක් ගෙනඒමට සිය අමාත්‍යංශය සූදානම් බව දුමින්ද දිසානායක මහතා පෙන්වා දෙනවා.


RECENT ARTICLES - SINHALA

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින්...

ETF, EPF ස්වාධීන මණ්ඩලයක් යටතට

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එක් කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

දරුවන් සිඟමනට යොදා ගැනීම වළක්වන්න කමිටුවක්

දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...