හිටපු කතානායක අශෝක රන්වල සිය අධ්‍යාපන සහතික ඉදිරිපත් කරන තෙක් රජය ද බලා සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ, ඊයේ (07) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී හිටපු කතානායකගේ අධ්‍යාපන සහතික පිළිබඳව මාධ්‍යවේදිනියක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
“කතානායකවරයාගේ සුදුසුකම් සම්බන්ධයෙන් එතුමා පිළිතුරු දේවි. අපි බලාගෙන ඉන්නවා. එතුමාට අවශ්‍ය කරන කාලය දෙන්න තමයි අපි තීන්දුවක් ගත්තේ. අවශ්‍ය කරන ඉක්මණින් ඒ සහතික ඉදිරිපත් කරාවි.”
අශෝක රන්වලගේ ආචාර්ය උපාධිය පිළිබඳව රට තුළ දැඩි ආන්දෝලනයට තුඩු දුන් අතර මේ හේතුවත් සමග ඔහු සිය ධූරයෙන් දෙසැම්බර් 13 වන දා ඉල්ලා අස්වුණා.