29 C
Colombo
Friday, March 29, 2024

අපි භය නෑ…! – ගම්මන්පිළගෙන් ජනපතිට පිළිතුරු

- Advertisement -

යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් තමා ඇතුළු අමාත්‍යවරුන් සිදුකළ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම සත්‍ය බව පිවිතුරු හෙළ උරුමයේ නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා.

ඒ මත පදනම්ව තමන් ඇතුළු කැබිනට් අමාත්‍යවරුන් තුන් දෙනෙකු එම ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගන්නේ නම්, ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සිටිමින්, යුගදනවි ගිවිසුම සම්බන්ධ කැබිනට් තීරණයට එරෙහි ව අධිකරණය වෙත යාම සහ එය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වැරදි බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවට අද පළ වී තිබූ පුවත්පත් වාර්තාවලට පිළිතුරු ලබාදෙමින්.

තමන් ඇතුළු අමාත්‍යවරුන් තිදෙනා කිසිදු වරදක් සිදු කර නොමැති බවත් රටට ආදරය කිරීම වරදක් ලෙසට තමන් නොදකින බවත් පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ වරදක් කර නොමැති තමන්ට ඉල්ලා අස්වීමට හේතුවන් නොමැති බවයි.

කෙසේ වෙතත් අවශ්‍යනම් තමන්ව තනතුරෙන් පහ කිරීමට ජනාධිපතිවරයාට හැකි බවත් මෙම හෙළිදරව්ව සිදු කළේ තනතුරු අහිමි වීමේ අවදානම පිළිබඳව දැනුවත්ව බවත් ඔහු පවසනවා.

කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකු වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අය සාමූහික වගකීමක් තුළ ගන්නා කැබිනට් තීන්දු තිරණ සම්බන්ධයෙන් වෙනස් මතයක් දරන්නේ නම් එය කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් සිටියදී නොකර ඉන් ඉවත් වී ඒ වෙනුවෙන් පෙනී සිටීම වඩාත් සුදුසු බව ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානින් සමඟ ජනාධිපති නිල නිවෙසේදී ඊයේ (27) පැවති හමුවක් අමතමින් පවසා සිටියා.

ඉකුත් ප්‍රේමදාස ආණ්ඩු සමයේ ද සාමූහික වගකීම කඩකිරීම සම්බන්ධයෙන් ලලිත් ඇතුළත්මුදලි සහ ජී.එම්. ප්‍රේමචන්ද්‍ර යන අමාත්‍යවරුන්ට එරෙහි ව මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා විසින් නඩු තීන්දුවක්ද ලබා දී ඇති බවත් ජනපතිවරයා එහිදී සිහිපත් කළා.


RECENT ARTICLES - SINHALA

හොඳම වෙලාව බලලා බලවත්ම සන්ධානය එලියට දානවා-රවී කරුණානායක

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මේ වන විට හතු පිපෙනවා...

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...