29 C
Colombo
Friday, March 29, 2024

සරත් වීරසේකරට ස්ටාලින්ගෙන් කනේ පහරක්

- Advertisement -

ගුරු විදුහල්පති අරගලය ත්‍රස්තවාදයට සමාන කරමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශයන් සිදු කළද ඔහුගේ කතාවලට බිය නොවන බව ගුරු විදුහල්පති ඒකාබද්ධ සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසනවා.

ඒ, අද (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීයි.

මීට ඉහතදීද ගුරුවරුන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳ වූ නමුත් ඔහුට කිසිවක් කිරීමට නොහැකි වූ බවත් රථ පෙළපාලියට පැමිණි ගුරුවරු කණ්ඩායමක්ද අත්අඩංගුවට ගෙන මර්දනය කිරීමට සැරසුණු බවත් ස්ටාලින් මහතා සිහිපත් කර සිටිනවා.

සරත් වීරසේකර අමාත්‍යවරයාගේ මර්දනයට යටත් වීමට සූදානම් නොමැති බවයි ජෝශප් ස්ටාලින් මහතා පවසන්නේ.

මේ රටේ අධ්‍යාපනය කඩාකප්පල් වූයේ ගුරු විදුහල්පතිවරුන්ගේ අරගලය නිසා නොවන බව දෙමාපියන්ට සිහිපත් කළ යුතුව ඇති බවත් අධ්‍යාපන අර්බුදයක් ඇති වූයේ ගුරුවරුන්ගේ වර්ජනය නිසා යැයි රජය තමන්ගේ නොහැකියාව ගුරුවරු පිට පටවමින් සිටින බවත් ඔහු පවසනවා.

“විභාග ප්‍රතිඵල පරක්කු වුණේ ගුරු වර්ජනය නිසාද? විභාග තියන්න බැරි ගුරු අරගලය නිසාද? ඒවා ඔක්කොම කල් යන්නේ කොරෝනා වසංගත තත්ත්වය තුළ. අපේ ක්‍රියාවෙන් බාධාවක් වුණා නම් වුණේ ඔන්ලයින් ඉගැන්වීම් වලට. එයටත් හේතුව අවශ්‍ය වෙලාවට අවශ්‍ය ලෙස ප්‍රශ්නයට උත්තරයක් ලබා නොදීම.” යැයි ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

හොඳම වෙලාව බලලා බලවත්ම සන්ධානය එලියට දානවා-රවී කරුණානායක

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මේ වන විට හතු පිපෙනවා...

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...