සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයා විසින් නිර්දේශ කිරීමේ සිද්ධියට පිළිබදව අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.
මෙහිදී අමාත්‍යවරයා සදහන් කළේ නීතිපතිවරයා ලබාදුන් මෙම තීන්දුව සම්බන්ධයෙන් ආණ්ඩුව අධ්‍යයන කරමින් සිටින බවයි.
මෙම පරීක්ෂණ යටගැසීමට ආණ්ඩුවට කිසිදු වුවමනාවක් නොමැති බවත් අදාළ පරීක්ෂණවලින් ඉවත්කරන ලද නිලධාරීන් පවා යළිත් එම පරීක්ෂණ මෙහෙයවීමට යොමුකළේ ඒවා නිසි පරිදි විමර්ශණය කළ යුතු නිසා බවත් නලින්ද ජයතිස්ස මහතා මෙහිදී සදහන් කළා.
විමර්ශන ප්‍රමාදවන්නේ ඒවායේ තාක්ෂණික ගැටළු නිසා මිසක ආණ්ඩුවේ බලපෑමකින් නොවන බව පවසන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතාට පහරදීමේ සිදුවීමේ විමර්ශන මීට හොඳම උදාහරණය බවයි.
නීතිපතිවරයා පත්කිරීම හා අභිචෝදක කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ආණ්ඩුවට කළබලයක් නොමැති බවයි.
ඇතැම් අපරාධ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ෆයිල් යට ගසාගෙන සිිටීම පිළිබදව සතුටින් කතා කළ අමාත්‍යවරයා සදහන් කළේ ඒවා ඉදිරිපත් කළ යුතු අවස්ථාවේ ඉදිරිපත් කිරීම හොඳ ක්‍රියාවක් බවයි.