24 C
Colombo
Sunday, December 10, 2023

අපි තාමත් ආණ්ඩුවේ..! – වාසු

- Advertisement -

වර්තමානයේ තමන් ආණ්ඩුව සමග කටයුතු කරන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

කෙසේ වෙතත් තමන් ඇතුලු කණ්ඩායම ස්වාධීන වීමට තීරණය කරන්නේ නම් එය ආණ්ඩුවට දැනුම් දී ආණ්ඩුව සමග කටයුතු කිරීම මිස කිසි ලෙසකින් විපක්ෂයට එකතු වීමට කටයුතු නොකරන බවත්

ඒ, පාර්ලිමේන්තුවේ අද (23) පැවති විවාදයේදී අදහස් පළ කරමින්.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා,

“මම ආණ්ඩුවේ. එතුමන්ලා (විමල් වීරවංශ, උදය ගම්මන්පිල) ඉවත් කරලා තිබෙන්නේ ඇමති ධුර වලින් විතරයි. අපි සියලු දෙනාම ආණ්ඩුවේ තවම. මම කියන්නේ මගේ තීන්දුව. මම ආණ්ඩුවේ. අපි ආණ්ඩුව ඇතුලේ ස්වාධීන කණ්ඩායමක් වෙන්න අපිට අවශ්‍ය නම් අපි ආණ්ඩුවට කියනවා. ඒත් මේ විපක්ෂයට නම් අපි ගෑවෙන්නවත් එන්නේ නෑ. ඔය කුණු විපක්ෂයට. මේ විපක්ෂයේ අතීතය බැලුවාම ඒ අතීතය හොඳටම ඇති තමුන්නාන්සේලාගේ විපක්ෂයට මේ රටේ කවදාකවත්, කිසි කලකවත් මහජන සම්මුතියක් නොලැබෙන්න. ඒ අතීතය හොඳටම ඇති. අපිට අවශ්‍ය නෑ අලුත් දේවල්”

RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...