23 C
Colombo
Friday, February 14, 2025

අපි තමයි ලොකුම මුස්ලිම් පක්ෂය – බිමල්ගෙන් හකීම්ට උත්තරයක්

- Advertisement -

ශ්‍රී ලංකාවට පැමිණි රෝහින්ග්‍යා සරණාගතයින්ගේ ගැටලුව දේශපාලනීකරණය නොකරන ලෙස  අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉල්ලා සිටිනවා.

ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බිමල් රත්නායක මහතා මේ බව පවසා සිටියා.

රජය විසින් රෝහින්ග්‍යා සරණාගතයින් සම්බන්ධ ගැටලුව ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර නීතිවලට අනුකූලව මානුෂීය ආකාරයකින් හසුරුවන බව ඔහු තවදුරටත් සඳහන් කළා.

අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ මෙම සරණාගතයින් නැවතත් මියන්මාරයට යවන බවට ප්‍රකාශයක් මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් සිදු කර නොමැති බවයි.

මෙහිදී බිමල් රත්නායක මහතා සමගි ජන බලවේගයේ මන්තී රවුෆ් හකීම් මහතා අමතමින් මෙසේ පවසා සිටියා,

“රවුෆ් හකීම් මැතිතුමා, ඔබතුමා මේ රටේ මුස්ලිම් ජනතාවගේ නායකයෙක් ඒකට අපි ගරු කරනවා,හැබැයි සජබෙ පොහොට්ටුවෙන් එන්නේ, අපි තමයි ලංකාවේ ලොකුම මුස්ලිම් ජනතාවගේ වැඩිම ඡන්දෙ තියෙන පක්ෂය. ඔයාලා වගේ අපි ජැක් ගහලා ඇවිත් නැහැ. ව්‍යවස්ථා සභාවට ආදම් බාවා පත් කළේ අපි. හර්ෂණ නානායක්කාර ඇමතිතුමාව ඒකට පත් කරලා ලියුම ගහලා තියෙද්දි තමයි  මුස්ලිම් නියෝජනය සඳහා ආදම් බාවා පත් කළේ. රෝහින්ග්‍යා සරණාගතයින්ව පාවිච්චි කරන්න හදන්න එපා. අපි එයාලාව බලාගන්නවා. හැම ජාතිවාදී ආණ්ඩුවකම ඉඳලා අද අපිට බණ කියන්න එන්න එපා”  

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES