28 C
Colombo
Wednesday, April 24, 2024

ගෑස් ප්‍රශ්නේ විසඳන්න අපි අලුතින් රජයේ සමාගමක් ගෙනාවා – ඇමති ලසන්ත අලගියවන්න

- Advertisement -

පවත්නා ගෑස් අර්බුදයට විසදුමක් ලෙස රජයේ මැදිහත්වීමෙන් නව ගෑස් සමාගමක් පිහිටුවීමට කටයුතු කළ බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ලෝක වෙළෙඳපොලේ මිල වැඩවීම හා ඩොලරයේ අගය වැඩිවීම යන හේතු දෙකට අමතරව වර්තමානයේ පවතින ගෑස් සමාගම් දෙකෙහි අකාර්යක්ෂමතාවයේ අලාභයද මේ වන විට ජනතාවට ගෙවීමට සිදුව ඇති බව අලගියවන්න මහතා පෙන්වා දෙනවා.

ඔහු පවසන්නේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ මත මෙම ආයතන දෙකෙහි අකාර්යක්ෂමතාවය අඩුකර පාරිභෝගිකයාට සහන ලබාදීමට කටයුතු කරන බවයි.

ඒ අනුව පවත්නා ගෑස් සමාගම් දෙක ඒකාබද්ධ කර රජයේ සමාගමක් ස්ථාපිත කර ඇති බවත් ඒ හරහා ඒකාබද්ධ මිලදී ගැනීමේ ක්‍රියාවලියක් තුළින් පවත්නා මිලට වඩා රුපියල් 125 – 130 ත් අතර අඩු මිලකට ගෑස් ලබාදිය හැකි බව අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ඒ අනුව නව සමාගමට සභාපතිවරයෙක් හා අධ්‍යක්ෂ්‍ය මණ්ඩලයක් පත්කර ඇති බවත් එම සමාගම මේ වන විටත් ක්‍රියාත්මක බවත් අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.


RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...