28.9 C
Colombo
Friday, June 20, 2025

අපිට රටේ නායකයා ගැන විශ්වාස කරන්න බෑ – රට විනාශ කරනවා

- Advertisement -
  • “මේ රට ආරක්ෂා කරනවා කියලා භාර ගත්තු කණ්ඩායම රට විනාශ කරනවා”
  • “දියුණුව කියලා කියන්නේ තියෙන සම්පත් සියල්ල විකුණා දැමීම නෙවෙයි”
  • “අපි දැන් කල්පනා කරනවා ඇයි අපි ඡන්දෙ දාන්නෙ කියලා”
  • “වරාය ඇමතිතුමා සුදුළුණු පොඩි කරන්න එනවා”
  • “ඒකාධිපතිවාදයකටවත්, බොරු ගේම්ස්වාදයකටවත් ඉඩ දෙන්න බෑ”
  • “මිනිස්සුන්ට අද කන්න නෑ, ආදායමක් නෑ, පෝර නෑ, එන්නත් නෑ. අපි හිඟාකනවා”
  • “පාලකයන්ගේ කටයුතු ගැන ස්වාභාවධර්මය උරණ වෙලා ශාප කරලා”
  • “අපිට රටේ නායකයා ගැන විශ්වාස කරන්න බෑ”

රට ආරක්ෂා කරන බවට පවසමින් රට භාරගත් පිරිසම රට විනාශ කරමින් සිටින බවට මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ බව පැවසුවේ අද (02) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

තමන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ වේදනාවකින් බවත් වත්මන් පාලනාධිකාරිය විසින් රටේ සියළු බලාපොරොත්තු සුණු විසුණු කර දමා ඇති බවත් උන්වහන්සේ පවසනවා.

“මේ රට හොහාටද යන්නේ? කවුද මේක පාලනය කරන්නේ? කවුද මේකෙ තීරණ ගන්නේ? කියන තත්වය පිළිබඳව ඉතාමත් අවිනිශ්චිත පරිසරයක් ඇතිවෙච්ච රටක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ රටේ පුරවැසියන් හැටියට කියන්න තියෙන එකම දේ කරුණාකරලා මේ ගමන නවත්තන්න” යැයි උන්වහන්සේ පවසනවා.

දියුණුව යනුන් රටේ සම්පත් සියල්ල විකුණා දැමීම නොවන බවත් විවිධ රටවලට මෙරට භූමිය පූජා කිරීමට ඉදිරිපත් නොවන ලෙස ඉල්ලා සිටින බවත් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

ගිවිසුම සමඟ සම්බන්ධවී කටයුතු කළ දේශපාලඥයින් මෙම කටයුත්තේදීද ඊටත් වඩා සක්‍රීයව වැඩ කටයුතු සිදු කරමින් සිටින බව පෙනෙන්නට ඇති බවත් තමන් ඡන්දය භාවිතා කරන්නේ මෙවැනි දේ රටට සිදු කිරීමටදැයි රටේ ජනතාව සිතමින් සිටින බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

අලුතින් පත්වූ බලංගොඩ NPP සභාපති ඉල්ලා අස්වෙලා

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බලංගොඩ...

ධාවනයට නුසුදුසු වාහන ගැන තීරණයක්

හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (19) ධාවනය වූ ලංගම හා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ...

“අපි පිරිහුණ නිසා සජබේ පතිවත බිඳිලා” – හඳුන්නෙත්ති

ජාතික ජනබලවේගය විසින් පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට ස්වාධීන කණ්ඩායම්වල සහය ලබා ගැනීම හේතුවෙන් සමගි ජන බලවේගයේ “පතිවත” බිඳී ඇති බව අමාත්‍ය සුනිල්...

POPULAR ARTICLES

අලුතින් පත්වූ බලංගොඩ NPP සභාපති ඉල්ලා අස්වෙලා

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බලංගොඩ...

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ට්‍රම්ප් සම්බන්ධ විම ළඟදීම

ඉදිරි සති දෙක තුළ ඉරාන-ඊශ්‍රායල ගැටුමට සෘජුව  සම්බන්ධ වනවාද යන්න අමෙරිකාව තීරණය කරන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ජනපතිවරයා නිවේදනය කළේ, ඉරානය සමග සාකච්ඡා සඳහා...

ධාවනයට නුසුදුසු වාහන ගැන තීරණයක්

හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (19) ධාවනය වූ ලංගම හා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ...