28.4 C
Colombo
Wednesday, July 9, 2025

අපි එට්කා ගිවිසුමට අත්සන් කළේ නැහැ – ඇමති විජිත

- Advertisement -

එට්කා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට කිසිදු අවස්ථාවක එකඟ වී නොමැති අතර එම ගිවිසුමට අදාළව තවදුරටත් සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට පමණක් එකඟවූ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අද (20) පැවති ජනාධිපතිවරයාගේ ඉන්දිය නිල සංචාරය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් විජිත හේරත් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේ අපේ රටට හානිදායක ගිවිසුම්වලට එළඹීමට කිසිසේත් අපේක්ෂා නොකරන බවයි.

නමුත් දෙරටේම ආර්ථිකයේ හා වෙළඳාමේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරීමට සූදානම් බවත් විජිත හේරත් මහතා පෙන්වා දුන්නා.

“එට්කා ගිවිසුම සම්බන්ධ සාකච්ඡාවක් කාලයක් තිස්සේ තියෙනවා. එට්කා, නැතිනම් දෙරට අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාවය පිළිබඳ එකඟතාවයක් සම්බන්ධයෙන් සාකච්ඡා ඉදිරියට ගෙන යන්න තමයි අපි කටයුතු කළේ. එහෙම නැතුව ඉන්දීය සංචාරයෙන් පස්සෙ එට්කා ගිවිසුමට අත්සන් කරලා නැහැ. සමහර බංකොලොත් වෙච්ච දේශපාලකයෝ තැන තැන කියනවා එට්කා ගිවිසුම අත්සන් කළා කියලා, එහෙම එකක් නැහැ. එට්කා පිළිබඳව මෙතක් පවතින තත්වයක් ගැන සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න තමයි එකඟ වෙලා තියෙන්නේ”

RECENT ARTICLES - SINHALA

වාහන මිල ඉහළ යනු ඇතැයි අනතුරු ඇඟවීමක්

වාහන ආනයනය කිරීම සඳහා මෙම වසර සඳහා වෙන් කළ මුදලින් ඉතිරි වී ඇත්තේ ඩොලර් මිලියන දෙසීයක් පමණක් බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී වාහන මිල යළි...

විමල් CID කැඳවයි

ශ්‍රී ලංකා රේගුව විසින් බහාලුම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක්...

බොරැල්ලේ වෙඩිතැබීමක්

බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අද (08) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES