27.8 C
Colombo
Thursday, April 25, 2024

පිටරටින් හාල් ‍ගේන්නේ කැමැත්තෙන් නෙමෙයි – S.M. චන්ද්‍රසේන

- Advertisement -

පිටරටින් සහල් ආනයනය කිරීම සඳහා ගත් තීන්දුව කැමැත්තෙන් ගත් තීන්දුවක් නොවන බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසනවා .

ඒ, අද (28) දින මාධ්‍ය අමතමින්.

සහල් ආනයනය නතර කිරීමට තීරණය කළේ දේශීය ගොවීන් ශක්තිමත් කිරීමට වන නමුත් ගොවියා සහ මෝල්හිමියා අතර සමතුලිත තත්ත්වයක් ඇති කිරීමට නොහැකි වූ බව ඔහු පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉඩම් අමාත්‍යවරයා,

“අපි ඊයේ තීන්දුවක් ගත්තා පිටරටින් සහල් ගෙන්වන්න. ඒක ඇත්තමට අපි කැමැත්තෙන් ගත්ත තීන්දුවක් නෙවෙයි. ජනාධිපතිතුමා හුඟාක් අවස්ථාවල සහල් ගෙවන්න ඕනේ අවස්ථාවල සහල් ගෙනාවේ නැහැ. ගොවියා ශක්තිමත් කරන්න තමයි සහල් ගෙන්වීම නැවැත්තුවේ.

අපි ආණ්ඩුව ගන්න කොට වී කිලෝ එකක් ගත්තේ තිබ්බ රු. 32ට.අපි 52 ක් කරා. අපි රු. 20 කින් වැඩි කරා. නමුත් වී අළෙවි මණ්ඩලයට දුන්නේ නැහැ. වෙළෙන්දො වැඩි මිලට ගත්තා. අපි ඒක නරකයි කියලා කියන්නේ නැහැ, ගොවියාට වාසි වෙන එක. පස්සේ අපි 55 කරා.

ගොවියා, ව්‍යාපාරිකයා, පාරිභෝගිකයා ආරක්ෂා කරන්න අපි බැඳිලා ඉන්නවා. ගොවියා මෝල්හිමියන් අතර සමතුලිත තත්ත්වයක් ඇති කරන්න බැරි වුණා. දැන් පෝලිම් පෙන්නවා. සහල්වලට පෝලිම්වල ඉන්න ඕනේ නැහැ. අපි ප්‍රතිපත්තියක් විදියට පුළුවන් තරම් කල් රැක ගෙන හිටියා. බැරිම තැන තමයි මේ කටයුත්ත කරන්න තීරණය කරේ. යම්කිසි විදියකට වී ටික හාල් ටික එළියට දැම්මොත් අපිට හාල් ගේන එක අඩු කරන්න පුළුවන්”

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...