24 C
Colombo
Sunday, January 19, 2025

“පිටින් ඕනේ නැහැ – රටේ ඕනේ තරම් ලුණු තියෙනවා”

- Advertisement -

රටේ ආහාරයට අවශ්‍ය ලුණු ප්‍රමාණය රට තුළ පවතින බවත්, එම නිසා ලුණු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැති බවත් ලංකා ලුණු සංස්ථාවේ හිටපු සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතා පැවසූ බවට “දිවයින” පුවත්පත වාර්තා කරනවා.

හම්බන්තොට සහ පුත්තලම ලේවාවලින් ලුණු නිෂ්පාදනය කරන බවත්, ලුණු සෑදීම වී වගාවේ මෙන් යල මහ කන්න ලෙස හඳුනා ගනිමින් සිදුකරන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ඔහු වැඩිදුරටත් කියා සිටියේ, තමාගේ අත්දැකීම් අනුව එසේ කන්න ගැන නොසිතා වර්ෂය පුරා ලුණු නිපදවීමට කටයුතු කළ යුතු බවයි.

රට වටේ මුහුද තිබියදී ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට කටයුතු කරන බව පැවසුවද ඇත්ත වශයෙන්ම යම් හිඟයක් ඇති වුවහොත් ආහාරයට ගන්නා ලුණු නොව කර්මාන්ත සඳහා භාවිතා කරන ලුණු වලට එම තත්ත්වය ඇතිවිය හැකි බවයි ඔහු පවසන්නේ.

මේ වනවිට හම්බන්තොට සහ පුත්තලමට අමතරව පෞද්ගලික අංශය මගින් ද කුඩා ප්‍රමාණයෙන් ලුණු නිෂ්පාදනය කරන බවත් උතුර ප්‍රදේශයේ ද ලුණු ලේවායක් තිබූ අතර එය ප්‍රතිසංස්කරණය කර ලුණු නිපදවීමට කටයුතු කළහොත් රටේ අවශ්‍යතාවට පමණක් නොව ලුණු අපනයනය කිරීමේ හැකියාව ද රටට ඇතිවන බවත් ඔහු පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

මහ ගංවතුර තත්ත්වයක්; වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන

නාච්චාදූව ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බැවින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 3,700 ක් තරම් සීග්‍රතාවයකින් මල්වතු ඔයට ජලය පිටවාන් දැමීම සහ මල්වතු...

‍මන්නාරම් වෙඩි තැබීමට හමුදා සෙබළකු ඇතුළු තුනක් මාට්ටු

මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිදුකළ වෙඩි තැබීමේ සිදුවිම සම්බන්ධයෙන් යුද හමුදා සෙබළකු අ‍ැතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කළේ සැකකරුවන් අතර...

POPULAR ARTICLES