හොඳින් සොයාබලා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හොරුන් අල්ලන බව එම පක්ෂයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා.
බොහෝ අය වේදිකාවට එන්නෙ නැතුවම බැහැලා යන බවද සමරසිංහ මහතා පවසනවා.
වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින්.
“සමහරු කලබල වෙලා තියෙන්නෙ නිකම් නෙවෙයි. සමහරු අපට කියන්නෙ නිකම් හොරු අල්ලන වේගෙ මදි වගේ කියලා. හරියට හොරු ඇල්ලුවා වගේ ඒ කට්ටිය. අපි කලබලේට හොරු අල්ලන්නෙ නෑ. ඒ නිසා හරියට බලලා අල්ලලා දාන්නෙ ආපහු එළියට එන්න නෙවෙයි මාලිමාව හොරු අල්ලන්නෙ කියන එකත් අපි සහතික කරලා මේ රටේ ජනතාවට කියනවා. අද වෙනකොට අනුරාධපුරේ හිටපු මුදල් රාජ්ය ඇමති නාමයෝජනාවත් දෙන්නෙ නෑ. සේමසිංහලා දන්නවා ටක්කෙටම පරදිනවා, ඒ නිසා බොහෝ අය දැන් වේදිකාවට එන්නෙ නැතුවම බැහැලා යනවා”