28.9 C
Colombo
Thursday, March 27, 2025

අපිට රනිල් එක්ක දීගයක් ඕන නැහැ – මුජිබර්

- Advertisement -

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා එක්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නැතැයි සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී අද (04) අදහස් දක්වමින් ඔහු සදහන් කළේ මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බැවින් එවැනි දේශපාලන දීගයකට යෑමේ වුවමනාවක් නොමැති බවයි.

කෙසේවෙතත් ජනාධිපතිවරයා හා සජිත් ප්‍රේමදාස මහතා එක්කිරීමට මේ වන විට බොහෝ පාර්ශවයන් දැඩිව උත්සහ කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් තමන් ඉදිරියේදී ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බව පැවසූ නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසුවේ ජනාධිපතිවරයා හා සජිත් ප්‍රේමදාස මහතා එක්වන ලෙසට තමන් අත්දෙක එකතු කර ඉල්ලා සිටින බවයි.

එසේ කිරීමට අවශ්‍ය සෑම පුද්ගලයෙකු සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවද ඔහු මෙහිදී සදහන් කළා.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායකයකු වන නන්දන ගුණතිලක මහතාද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අද (04) ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා එක්වී කටයුතු කළ යුතු බවයි.

මීට පෙර සමගි ජනබලවේගය පක්ෂයෙන් ඉවත්වෙමින් තලතා අතුකෝරාළ මහත්මියද සදහන් කළේ සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා එක්වීමකින් තොරව පක්ෂ දෙකටම ඉදිරි ගමනක් නොමැති බවයි

මේ හේතුවෙන් ඔවුන් දෙදෙනා එක වහළක් යටට ගෙන ඒමට මේ වන විට ස්ථාන කිහිපයකම විටින් විට සාකච්ඡා පැවැත්වෙන බවට තොරතුරු වාර්තා වනවා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාද පසුගියදා ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයට එරෙහිව ප්‍රධාන පාර්ශව සන්ධාන ගතවීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බවයි.

කෙසේවෙතත් සමගි ජනබලවේගය පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මෙම සාකච්ඡා සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද වන ජලනි ප්‍රේමදාස මහත්මිය දැඩිව විරෝධය පලකර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

ක්‍රිෂ් නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණා. මෙම නඩුව විභාග කළ...

ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල

පළාත් පාළන ආයතන මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රුපියල් 74ත් රුපියල් 160ත්...

POPULAR ARTICLES