“චීන අසූචි අපිට එපා” – ගොවීන් මහින්දානන්ද අනුරුවක් ගිණිතබයි

මෙරට පවතින පොහොර හිඟයට එරෙහි ගොවි විරෝධතාවයක් අද දින හිඟුරක්ගොඩදී පැවත්වුණා. ඊට සහභාගී වූ ගොවීන් කියා සිටියේ ‘චීන අසූචි’ පොහොර ලෙස ගෙන්වීමේ උත්සහය නවතා ගොවීන්ට නිසි අයුරින් පොහොර ලැබීමට සලස්වන ලෙසයි. එමෙන්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අනුරුවක් ගිණි තබන අයුරුද එහිදී දැකගත හැකිවිය.