25 C
Colombo
Thursday, April 18, 2024

අපි ෆේල් උනාට දැන් පාස්වෙන්න හදන්නේ – මහින්දානන්ද

- Advertisement -

සහල් මිල පාලනය සම්බන්ධයෙන් වත්මන් රජය යම් අසමත්වීමක සිටියද එය නිවැරදි කරගැනීමට උත්සහ කරමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා.

වී අලෙවි මණ්ඩලයේ සහල් තොග අවසන්ව ඇති බැවින් සහල් මෝල් හිමියන් විසින් කිලෝව රු.80-90 වැනී මුදලකට මිලට ගත් කීරි සම්බා තොග රු. 240ක් වැනි අධික මුදලකට විකුණමින් ලාභ උපයමින් සිටින බවයි පෙරේදා (28) දින රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දෙනු ලැබුවේ.

රටේ පවතින නීතියට අනුව වැඩි මිලට සහල් විකිණීම වෙනුවෙන් දඩය රුපියල් 2500ක් බැවින්. වී මෝල් හිමියන් එය පහසුවෙන් ගෙවන හෙයින් ඉදිරියේදී වැඩි මිලට සහල් විකිණීම වෙනුවෙන් දඩය රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමට තමන් වෙළඳ ඇමතිවරයාට යෝජනා කර ඇති බවයි අළුත්ගමගේ මහතා පවසන්නේ.

එමෙන්ම තවමත් සහල් ආනයනය කිරීම සඳහා කුමන පාර්ශවයකට හෝ ආනයන බලපත්‍රයක් ලබා දී නොමැති බවත් වෙළඳ ඇමති වරයා සහල් ආනයනය කරන ලෙසට ඉල්ලීමක් සිදු කළද ඒ වෙනුවෙන් තීන්දුවක් තවමත් ගෙන නොමැති බවද පෙන්වා දෙන කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ සහල් අපනයනය කිරීමට තරම් තොග මෙරට පැවතියද ඒවා සඟවා ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

නිවසක් තුළ කාන්තා මළ සිරුරු දෙකක්

කළුතර දකුණ පොලිස් වසමේ ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඊයේ...

ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල තීන්දුව ගැන සලකා බැලීම අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදුන් තීන්දු පිළිබඳ අද (18) දින සලකා බැලෙන බවට වාර්තා වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ...

මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටි ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිට මුදාගැණුනු ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 8 දෙනා අද (18) දිවයිනට රැගෙන ඒමට නියමිතයි. ඒ, උදෑසන 9.35ට ශ්‍රීලංකන්...

POPULAR ARTICLES

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...