33 C
Colombo
Thursday, March 28, 2024

නීතිපතිට කන්න දෙන්නේ අපි. ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි – අතුරුදහන්වුවන්ගේ දෙමාපියන්

- Advertisement -

හිටපු නාවික හමුදාපති අද්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි අධිචෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණයට විරෝධය පළ කරමින් පැහැර ගෙන ගොස් අතුරුදන් කළේ යැයි පැවසෙන තරුණයින් 11 දෙනාගේ පවුල් එකතුව අද (නොවැ.2 ) නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව අද නීතිපතිවරයා හමුවීමට පැමිණ තිබිණු අතර ඊට ඉඩ නොලැබීම හේතුවෙන් ඔවුහු මෙලෙස නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට මාර්ගයේ වාඩිවී විරෝධතාව දැක්වුවා.

විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ, වසර 13ක් මේ සම්බන්ධයෙන් නඩු විභාගය පැවති අතර හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව අධිචෝදනා 667ක් ගොනු කර තිබුණු බවයි.

එසේ වුව ද නීතිපතිවරයා හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහි චෝදනා ඉවත් කර ගැනීම මගින් තමන් යුක්තිය උදෙසා ගෙනගිය සටන පාවාදීමකට ලක්කළ බව ඔවුහු චෝදනා කළා.

එහිදී විරෝධතාවට එක්වූ අතුරුදහන් වූ තරුණයින්ගේ පවුල්වල පිරිස් වැඩිදුරටත් පැවසුවේ,

“නීතිපතිට කන්න දෙන්නේ අපි. අපේ සල්ලිවලින් පඩි ගන්නේ. ඔයාලත් පඩි ගන්නේ අපේ සල්ලිවලින්. ගෝඨාභය රාජපක්ෂගෙන් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ යපෙන්නෙත් අපෙන්.” යන්නයි.


RECENT ARTICLES - SINHALA

පෘථිවියේ වෙනසක් නිසා දවසෙන් තත්ත්පරයක් අඩුවෙයි?

ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතිනවා. ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ...

කබ්රාල්ට අල්ලස් නඩුවක්

2012 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු...

පාසල් වර්ගීකරණයේ වෙනසක්

මෙරට අධ්‍යාපන පද්ධතියේ පරිවර්තනීය වෙනස අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරමින් එළඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

ඩොලරය තවදුරටත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 298.45ක් ලෙස...