25 C
Colombo
Saturday, January 18, 2025

අවුරුදු පහකට ප්‍රමාණවත් ලිපි ද්‍රව්‍ය අපි ගාව තියනවා-රජයේ මුද්‍රණාලාධිපතිනිය

- Advertisement -

මැතිවරණ පහකට ප්‍රමාණවත් ලිපි ද්‍රව්‍ය රාජ්‍ය මුද්‍රණාලය සතුව පවතින බව රජයේ මුද්‍රණාලාධිපතිනිය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.

ඒ , මැතිවරණ කොමිෂන් සභාවේ ඊයේ (09) පැවති සාකච්ඡාවකදී.

ජනාධිපතිවරණයට පූර්ව සූදානම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පවත්වා තිබුණා.

ඒ සඳහා පොලිස්පතිවරයා හා තැපැල්පතිවරයාද එක්ව සිටි බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

සාකච්ඡාවේ දී රජයේ මුද්‍රණාලයාධිපතිනිය පවසා ඇත්තේ පෙර මැතිවරණවලට සාපෙක්ෂව මෙවර මුද්‍රණ වියදම හතර ගුණයකින් ඉහළ යන බවයි.

ඒ සම්බන්ධ දල ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිසමට කඩිනමින් ලබා දෙන බවද ඇය විසින් පවසා තිබෙනවා.

මේ අතර පොලිස්පතිවරයා එම සාකච්ඡාවේදී පවසා ඇත්තේ ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීමේ සිට මැතිවරණය අවසන් වන තෙක් සියලු ආරක්ෂක වැඩපිළිවෙළ සංවිධාන කරන බවයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ‍බෙදා හැරීම ඇතුළු ජනාධිපතිවරණයට අදාළ සියලු කටයුතු කිසිඳු බාධාවකින් තොරව ඉටුකිරීමට තැපැල්පතිවරයාද පොරොන්දු වූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කර සිටියා.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ අයදුම්පත් ඇතුළු ලේඛන මුද්‍රණය මේ වනවිටත් ආරම්භ කර ඇති බව ඔහු මෙහිදි පවසා තිබුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය ලබන 17 වැනිදායින් පසුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට හිමි වනු ඇති.

ඒ අනුව, මේ මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා බව, සභාපතිවරයා සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...

දුම්රිය ආසන වෙන් කිරීම ගැන දැනුම් දීමක්

දුම්රිය ආසන වෙන් කිරීමේ දී මඟියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා...

POPULAR ARTICLES

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

සටන් විරාමයට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩල අනුමැතිය

ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය,  ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර තිබෙනවා. සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඊශ්‍රායල...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...