31 C
Colombo
Saturday, April 20, 2024

අපිට සල්ලි තියෙනවා..! – ජොන්ස්ටන්

- Advertisement -

වත්මන් රජය බංකොලොත් වී නොමැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ, ඊයේ (17) කොළඹ, පාමංකඩ ප්‍රදේශයේ මාර්ග දෙපස ගස් සිටුවීමේ ව්‍යාපෘතියකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මුදල් නොමැතිව බංකොලොත්භාවයකට පත්වූයේ පසුගිය යහපාලන රජය බවත් වත්මන් ‍රජය එසේ නොමැති බවත් ඔහු පවසනවා.

රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම්, අතිකාල සේවා දීමනා ගෙවීම් ආදිය අඛණ්ඩව සිදුවන බවත් රජය මූල්‍ය අර්බුදයක සිරවී නොමැති බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

“සල්ලි තියෙනවානෙ. එහෙම නැත්නම් කොහොමද ගෙදර ඉන්න රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවන්නෙ ? ආ ? කොහොමද ඕටී ටික ගෙවන්නෙ නැත්නම් ? සල්ලි තිබ්බෙ නැත්තෙ ගිය ආණ්ඩුවට, බංකොලොත් වුණේ. අපි බංකොලොත් වෙලා නෑ. අපි අදටත් රාජ්‍ය සේවකයින්ට නිසි දවසේ පඩි ගෙවනවා. ඒවා ගෙවන්න බැරිවුණොත් තමයි සල්ලි නැතිවෙන්නෙ. සල්ලි නෑ කියන්නෙ එහෙනම් බංකොලොත් වෙලානෙ”


RECENT ARTICLES - SINHALA

ශ්‍රි පාද ආරක්ෂිත වැටෙන් පැන්න තරුණයා සොයා මෙහෙයුම්

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් ශ්‍රී පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදී ආරක්ෂිත වැටෙන් පහලට පැන අතුරුදන් වී ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසනවා. මෙලෙස ශ්‍රී පාද...

කල්පිටියේ දූපත් පහකින් රජයට කෝටි 6ක පොල්ලක්

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් 5 දෙනෙකු රුපියල් කෝටි 6කට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි වාර්තා වනවා. මෙම බදු මුදල් අයවීමට නියමිතව...

ඉන්දියාවේ සහය අරන් මන්නාරම ජාත්‍යන්තර වාණිජ නගරයක් කරනවා – මනූෂ (වීඩියෝ)

ඉන්දියාව සමඟ එක්ව මන්නාරම නැවතත් අන්තර් ජාතික වෙළඳ මධ්‍යස්ථනයක් බවට සංවර්ධනය කිරීම සඳහා රජය කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...