26.4 C
Colombo
Thursday, March 28, 2024

හාල් ව්‍යාපාරිකයින්ට උත්තර අපි ළඟ තියෙනවා..!

- Advertisement -

සහල් ව්‍යාපාරිකයන් දිගින් දිගටම රජයට අභියෝග කළහොත් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට සිදුවනු ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා පවසනවා.

අද (9) පෙරවරුවේ මාධ්‍ය අමතමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් ගෙන් මොනයම් බාධා පැමිණියත් ජනතාව වෙත සහල් සැපයීම අඛණ්ඩව සිදුකරන බවයි.

‘මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන්’ ලෙසට හඳුන්වාගන්නා පොළොන්නරුවේ සුප්‍රසිද්ධ සහල් ව්‍යාපාරිකයන් පිරිස සැබැවින්ම සපුරන්නේ මෙරට සහල් ඉල්ලුමෙන් 16%ක් වැනි සුඵ ප්‍රමාණයක් පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඉන් වැඩි සහල් ප්‍රමාණයක් සම්බා සහ කීරි සම්බා සහල් බවත් සහල් සැපයුමේ ඉතිරි සියයට 84 පිළිබඳව රජය දැඩි විශ්වාසයෙන් කටයුතු කරමින් සිටින බවත් නිවුන්හැල්ල මහතා සඳහන් කරනවා.

මහාපරිමාණ ව්‍යාපාරිකයන් ජනතාව බියගැන්වීමේ ප්‍රචාරයක් ගෙනයන බවත් සතොසට සහල් ලැබීමත් සමඟ මේ වන විට කිසිඳු සහල් හිඟයක් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී පොළොන්නරුවේ සහල් ගබඩා වැටලීමක් සිදුවූ අතර එතැනට ප්‍රදේශවාසීන් රැස්වීම නිසා ඇතිවූයේ නොසන්සුන්කාරී තත්වයක්.

කෙසේ නමුත් සහල් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා පවසන්නේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බලයට පැමිණි වත්මන් රජය හාල් මෝල් හිමියන්වත් පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයකට ඇද වැටී ඇති බවයි.

තත්වය එසේ වුවත් ජනතාවට සහන ලබාදීම පසෙකලා සිය ගජ මිතුරන්ට ලාභ ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

රජයට කොරෝනා අර්බුදය හෝ ආර්ථික අර්බුදය හෝ කළමනාරණය කරගත නොහැකි තත්වයකට පත්ව ඇති බවත් වැඩිදුරටත් ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...