24 C
Colombo
Monday, December 11, 2023

බැසිල්ට පාඩුවේ ඉන්න දෙන්න..! – තිසකුට්ටි ආරච්චි

- Advertisement -

බැසිල් රාජපක්ෂ භීතිකාවෙන් මිදී දැන්වත් ඔහුට පාඩුවේ සිටින්නට ඉඩ ලබාදෙන්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිසකුට්ටි ආරච්චි පවසනවා.

ඒ, ඊයේ (18) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

“මං බොහොම පැහැදිලිව ඉල්ලනවා දැන්වත් බැසිල් රාජපක්ෂ භීතිකාවෙන් මිදෙන්න. මුදල් ඇමතිකමේ හිටියා, අයින් වෙන්න කිව්වා, මන්ත්‍රීකමෙනුත් අයින් වුණා. දැන් පාඩුවේ ඉන්න බැසිල් රාජපක්ෂ මැතිතුමාට පාඩුවේ ඉන්න දෙන්න. දැන් ඇති ඔය භීතිකාව. එතුමාට තියෙන බය පිළිබඳව අපි නම් ඇත්තටම ආඩම්බර වීමක් තියෙන්නෙ. මොකද ඒ තරම් බියක් තියෙන එකත් අපට ආඩම්බරයක්. සර්ව පාක්ෂික වැඩපිළිවෙල අපි ඉදිරිපත් කරලා තියෙනවා, ඒකට අංකොං තියන්න එපා. බොරු හදාගන්න එපා. බැසිල් රාජපක්ෂ මැතිතුමාට නෙලනෙලා ඉන්නෙ නැතුව, පොහොට්ටුවට නෙලනෙලා ඉන්නෙ නැතුව … – අපි තමයි ලොකුම කැපකිරීම කරලා තියෙන්නෙ පොහොට්ටුව විදියට. ජනාධිපතිකමත් දීලා, අගමැතිකමත් දීලා, ඇමතිකම් ටිකත් දීලා, බහුතරේ තියාගෙන තවමත් – මේ සියල්ල කැපකරලා තියෙන්නෙ”


RECENT ARTICLES - SINHALA

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

පෙට්‍රල් සහ ඩීසල් වලටත් බඳු ගහනවා-රංජිත් සියඹලාපිටිය

පෙට්‍රල් සහ ඩීසල් සඳහා ද VAT නොහොත් එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු මේ බව...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...