28.3 C
Colombo
Saturday, April 20, 2024

කැබිනට් මණ්ඩලය විසුරුවා අර්බුදය විසඳමු – විමල්

- Advertisement -

කැබිනට් මණ්ඩලය වහාම විසුරුවා හැර කෙටි කාලයක් සඳහා අන්තර් පාලනයක් පිහිටුවිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

කෙටි කාලීන අන්තර් පාලනයෙන් පසුව මහා මැතිවරණයක් පැවැත්විය යුතු බවයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහය කැඳවූ විශේෂ මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා ඊයේ (1) දින ප්‍රකාශ කර සිටියේ..

ජනාධිපතිවරයා පත්කළ අමාත්‍ය මණ්ඩලය වහාම විසුරුවා හැර පාර්ලිමේන්තුව නියෝජනට කරන පක්‍ෂ සමඟ සාකච්ඡා කර එම අන්තර්කාලීන පාලනය පිහිටුවිය යුතු බවත් එම පක්‍ෂ සමඟ එකඟත්වයකින් එම සෑම පක්‍ෂයක්ම නියෝජනය වන ආකාරයට අදහස්වලට ඇහුම්කම් දී, ගරුකළ යුතු බවත් ඔහු පවසනවා.

මිනිසුන්ට සහනශීලි බලාපොරොත්තුවක් දිය හැක්කේ මෙවැනි ව්‍යවස්ථානුකූල පියවරකින් පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.  

එසේ සිදු නොකොට අනුගමනය කරන කුඩා පියවරයන්ගෙන් ජනතාව ආණ්ඩුව කෙරෙහි ඇති අවිස්වාශය සහ අප්‍රසාදය වෙනස් කළ නොහැකි බවත් වීරවංශ මහතා වැඩි දුරටත් පවසනවා.

ආණ්ඩුවේ පක්‍ෂ දහයේ නියෝජිතයන්ගේ සභාගිත්වයෙන් එම මාධ්‍ය හමුව  බොරැල්ලේ පිහිටි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී ඊයේ (1) පස්වරුවේ පැවැත්විණි.

එම මාධ්‍ය හමුවට විජය ධරණි ජාතික සභාව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ, පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර, ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ සහ පත්කළ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.  

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...