32 C
Colombo
Monday, January 20, 2025

අපි තව ඔළුව දියුණු කරගන්න වැඩ කරන්න ඕන – චරිත් අසලංක

- Advertisement -

මින් ඉදිරියට තවත් පුහුණුවීම්වල නිරත වියු යුතු බවත් ජාත්‍යන්තර ක්‍රීඩකයන් ලෙස මනස සකස් කරගනිමින් හැසිරිය යුතු බවත් ශ්‍රී ලංකා පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නායක චරිත් අසලංක පවසනවා.

ඊයේ (30) පැවති තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළා.

නායකයෙකු ලෙස කටයුතු කළ පළමු තරගාවලිය අසාර්ථක බවට තමන් පිළිගන්නා බවද චරිත් අසලංක මෙහිදී පවසා සිටියා.

නැවතත් ප්‍රේක්ෂකයින් කළකිරීමට පත්කිරීම සම්බන්ධයෙන් කණගාටුවට ලක්වන බවත්  වඩා හොඳින් ක්‍රීඩා කළ යුතු බව වැටෙහන බවත් ඔහු තවදුරටත් සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චරිත් අසලංක,

 “අමාරු කාලයක් මම පිළිගන්නවා නායකයා විදිහට පළමු තරගාවලිය අසාර්ථකයි. හැබැයි ගොඩක් කනගාටුයි ප්‍රේක්ෂකයින්ට වගේම මටත්, කණ්ඩායමටත් ගොඩක් කනගාටුයි. අපි ප්‍රේක්ෂකයෝ නැවතත් කලකිරීමට ලක්කලා. මම හිතනවා අපි මීට වැඩිය හොඳවෙන්න ඕනේ කියලා. මම කණ්ඩායම සමගත් කතා කළා. මම හිතනවා අපි මීට වැඩි ගොඩක් හොඳ වෙන්න ඕනේ මේ ලෙවල් එකේ ක්‍රීඩා කරනවා නම්. අපි පෙන්නුවා මම හිතන්නේ අපි හොඳම මට්ටමේ කණ්ඩායම් එක්ක සෙල්ලම් කරන්නේ තව වැඩිදියුණු වෙන්න ඕනේ කියලා. අපේ අතේ තිබුණු තරගයක් අන්තිම බෝල 12ටත් ලකුණු 09යි තිබුණේ. ඉතින් නායකයා විදිහට මමත් පිතිකරුවන් කිහිපදෙනෙකුත් මම හිතනවා අපි ක්‍රීඩාකරපු ආකාරය. කලින් කිව්වා වගේ මේ ලෙවල් එකේ අපි ඔයිට වඩා හොඳ වෙන්න ඕනේ. මින් ඉදිරියට අපි තව පුහුණු වෙන්න ඕනේ. අපි තව ඔළුව දියුණු කරනගන්න වැඩ කරන්න ඕනේ. පළවෙනිම දේ පුහුණු වීම. අපි කොච්චර පුහුණු වුණත් වැඩක් නැහැ ජාත්‍යන්තර ක්‍රීඩකයෝ විදිහට අපේ මනස හැසිරෙන්න ඕනේ.”

RECENT ARTICLES - SINHALA

හාන්ස් ඩයලොග් අධ්‍යක්ෂ මණ්ඩලයට සමුදෙයි

ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩයලොග් ආසියාටා පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් වී තිබෙනවා. ඩයලොග් සමාගමේ ලේකම්වරිය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙනවා. 2025 ජනවාරි...

මන්නාරමේ ද්විත්ව ඝාතනයට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුව ප්‍රවාහනය කළ ත්‍රී රෝද...

විජිත් විජයමුණිට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබෙනවා.

POPULAR ARTICLES