26 C
Colombo
Wednesday, February 19, 2025

බොරු තොරතුරු යන එක වළක්වන්න අපි තොරතුරු දෙනවා – නාලක ගොඩහේවා

- Advertisement -

ජනතාව වෙත නිවැරදි තොරතුරු ලබාදීම සඳහා සතියේ දින 7 පුරාම ජනමාධ්‍ය අමාත්‍යංශය හරහා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා තොරතුරු ලබාදීමට තීරණය කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසනවා.

අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පලකළා.

සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ව්‍යාජ තොරතුරු සමාජ ගතවන බවත් ඒවා වළක්වා නිවැරදි තොරතුරු පමණක් රජය විසින් ලබාදීමටත් මෙම තීරණය ගත් බවයි ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සදහන් කරන්නේ.

“අද සමාජ ජාලා හරහා විවිධ දේවල් සන්නිවේදනය කිරීම ඉතා ප්‍රබල මට්ටමක තියෙනවා. මෙලෙස සන්නිවේදනය වන තොරතුරුවල සත්‍ය තොරතුරු වගේම අසත්‍ය තොරතුරුත් තියෙනවා. සමහර වෙලාවට අපි දකිනවා සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන තොරතුරක් තවත් කෙනෙක් අසත්‍යයි කියලා ප්‍රකාශ කලත්. අවසානේදී හරි දේ කුමක්දැයි ජනතාවට දැනගන්න ක්‍රමවේදයක් නෑ. ඒ නිසා මම ජනමාධ්‍ය අමාත්‍යවරයා විදියට වැඩ භාරගත්තට පස්සේ මේ වනවිට සාකච්ඡා කරලා තියෙනවා අපේ කණ්ඩායම සමඟ අපේ තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය පුළුවන් තරම් වර්ධනය කරන්න ඒ අනුව තමයි අපි තීන්දුවක් අරන් තියෙන්නේ සතියේ දවස් 7ම අපේ අමාත්‍යංශය හරහා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා ඒ අවස්ථාවේ වැදගත්ම දේවල් සම්බන්ධයෙන් ජනතාවට අවශ්‍යකරන තොරතුරු ලබාදෙන්න එතකොට අපේ මාධ්‍යවේදීන්ට පුළුවන් ප්‍රශ්න අහලා ඒවා පිළිබඳව තවදුරටත් නිවැරදි කිරීම් කරගන්න.”

“ඊට අමතරව වැරදි තොරතුරු ලබාදීම සම්බන්ධයෙනුත් අපි තවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා ඒකට වෙනම වැඩසටහනක් සතියට එක දවසක් හෝ දවස් දෙකක් රජයේ නිත්‍යානුකූල පද්ධතිය හරහා හුවමාරුවන තොරතුරුවල වැරදි තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් පැහැදිළි කිරීමට බලාපොරොත්තු වනවා. එතකොට ඔබ දන්නවා අදාළ සතිය තුළ ප්‍රචාරය වන වැරදි තොරතුරු සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ලබාදීම සිදුකරනවා.”

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES