26 C
Colombo
Sunday, December 3, 2023

අපි නිධානයක් මත හිඳ හිඟා කනවා – ඇමති අමරවීර

- Advertisement -

ශ්‍රී ලංකාව සතු වටිනා භූ සම්පත්වලින් නිසි ප්‍රයෝජනයක් ගැනීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයත්, ලංකා ඛනිජවැලි සමාගමත් අසමත් වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා සදහන් කරන්නේ මේ හේතුවෙන් රටට විදේශ විනිමය විශාල ප්‍රමාණයක් අහිමි වන බවයි.

ඇතැම් පුද්ගලයන් හා සමාගම් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් ගවේෂණ බලපත්‍ර ලබාගෙන වසර 10ක් පමණ ගතව ඇතත් එම ගවේෂණ කටයුතු විධිමත්ව හා කාර්යක්ෂමව සිදු නොකෙරෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එම අවිධිමත් ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකාව නිධානයක් මත සිට ගෙන හිඟාකන රටක් බවට පත්ව ඇති බවයි අමරවීර මහතා පවසන්නේ.

ශ්‍රී ලංකාවේ වටිනා භූ සම්පත් ඇති ස්ථාන හඳුනා ගැනීම සඳහා දැනට සිදුකෙරෙන ගවේෂණ කටයුතු කඩිනම් කරන ලෙස එම ආයතනවලට උපදෙස් දී ඇති බව අමාත්‍යවරයා සදහන් කරනවා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ ශ්‍රී ලංකා ඛනිජවැලි සමාගමේ නිලධාරින් සමග පැවැත් වූ සාකච්ඡාවකදී මහින්ද අමරවීර මහතා මෙම අදහස් පලකළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ගෑස් නැවකින් ගෑස් මිල දී ගැනීම සඳහා ඩොලර් මිලියන 8ක් වැනි මුදලක් සොයා ගැනීමත් රජයට අපහසු වී ඇති සමයක රටට ඇති වටිනා භූ සම්පත්වල නිසිඵල ලබා ගන්නට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයටත්, ලංකා ඛනිජවැලි සමාගමටත් නොහැකි වී තිබීම කණගාටුවට කරුණක් බවයි.


RECENT ARTICLES - SINHALA

පිලිපීනයේ භූ කම්පනයෙන් සුනාමි අවදානමක්

පිලිපීනයේ මින්දනාඕ ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හට ගෙන තිබෙනවා. පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ දකුණු පිලිපීනයට මෙන්ම ඉන්දුනීසියාව, පලාව් සහ මැලේසියාවේ...

වැඩි කළ විශ්‍රාම වැටුප ලැබෙන දිනය ගැන දැනුම් දීමක්

විශ්‍රාමික ජනතාවගේ සුබසාධනය සහ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. දැරණියගල නගරයේ පැවති උත්සවයකට...

ගාසා තීරය ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යළි සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව, අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කර...

POPULAR ARTICLES

සජබ මන්ත්‍රීවරයෙක් පක්ෂයෙන් දොට්ට

දිගින් දිගටම ආණ්ඩුවට පක්ෂව කටයුතු කිරීම හේතුවෙන් සමඟි ජන බලවේගයේ පස්සර සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සමගි...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, කොළඹ පැවති උත්සවයකින්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...