31 C
Colombo
Friday, April 19, 2024

අපිට මිනිස්සු ගැහුවෙ නැහැ. කන්නත් දුන්නා – රඹුක්කන ඉන්ධන බවුසරයේ රියදුරු

- Advertisement -

රඹුක්කනදී ඇතිවූ සිද්ධියේදී තමන්ට විරෝධතාකරුවන්ගෙන් කිසිදු හානියක් සිදු නොවූ බව බවුසර් රථයේ රියදුරු සහ සහයකයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබෙනවා.

“තෙල් ලෝඩ් එක පටවගෙන සංස්ථාවෙන් පිටවුණේ උදේ 10.30ට. 12.30 හෝ 1ට විතර තමයි අපි සමූපකාරය ඉස්සරහා රඹුක්කන ඉන්ධනහලට ගියේ. ඒ යනකොට අපිට කලින් ගිය බවුසරය ඈත තියෙනවා අපි දැක්කා. ඒත් එක්කම අපිට ඉස්සරහට යන්න සිද්ධ වුණා. පිරිසක් ඇවිත් අපිව ඉදිරියට රැගෙන ගියා.”

“අපිට කිසිම හානියක් කළේ කෑ.. කන්න දුන්නා..බොන්න දුන්නා. පොලීසිය සෑහෙන්න උත්සාහයක් ගත්තා බවුසර් දෙකම අයින් කරන්න. බැරිම තැන තමයි පොලීසිය කඳුළු ගෑස් ගැහුවේ.”

බවුසර් රථයේ රියදුරු,

“මම රියදුරු අසුනේ සිටියදී මිනිස්සු රෝද හතරෙම හුලං ඇරියා. ඒ නිසා පොලීසිය මට බවුසරය ඉදිරියට ගන්න කිව්වට ගන්න බැරි වුණා.”

උද්ඝෝෂකයන්ගේ පහරදීම් නිසා ඉන්ධන බවුසර් රථ දෙකට ද දැඩි හානි සිදුවුණා.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්කරලා තියෙන්නේ නිදිකුම්බා නායකයෙක්-දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්‍රණකාරින් කටයුතු...

අනුර, සජිත් වගේ පොඩි ළමයින්ට රට පාලනය කරන්න බැහැ – වජිර

අනුර, සජිත් වැනි පොඩි ළමයි රටක් කරන්නට හැකියාවක් ඇති අය නොවන හෙයින් ඒ සියලු දෙනා ජනපතිගේ ගමන සමග එකතු විය යුතුව ඇතැයි එක්සත් ජාතික...

රනිල්ට ඕන අනුරව බලයට ගේන්න – ඩිලාන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය එළඹෙන ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපති කරවීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති වැඩසටහනකදී ඩිලාන් පෙරේරා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...