28 C
Colombo
Monday, May 23, 2022

අපි තමයි පාස්කු ප්‍රහාරයේ විමර්ශන වේගවත් කළේ – සරත් වීරසේකර

- Advertisement -

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු ප්‍රමාද බවට විවිධ පාර්ශව සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙරට සහ ලෝකයේ මෑතක සිදුවු ත්‍රස්ත ප්‍රහාරවලට අදාළව සිදුකළ පරික්ෂණවලට සාපෙක්ෂව වත්මන් රජය බලයට පත්වූ පසු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු වේගවත්ව සිදුකර ඇති බවයි.

මේ වන විට පාස්කු ප්‍රහාරයට අදාළව මහාධිකරණ 05ක නඩු 09ක් පවරා ඇති බවත් 25 දෙනෙකුට අධිචෝදනා ගොනුකර ඇති බවත් සදහන් කරන අමාත්‍යවරයා පවසන්නේ මෙම ප්‍රහාරයට අදාළව චෝදනා 23,700 කට මේ වන විට නඩු පවරා ඇති බවයි.

වසර දෙකහමාරකට ආසන්න කාලයක් තුළ පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදුකර ඇති විමර්ශනයන් සෑහිමකට පත්විය හැකි බව සරත් වීරසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

පවති අර්බුදකාරී වාතාවරණයෙන් ගොඩ ගතහැකි සාධනීය පියවර 15ක් – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය

රටක් වශයෙන් විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති පසුබිමක, දිනෙන් දින ආර්ථික හා දේශපාලන අර්බුදය තව තවත් වර්ධනය වන්නාවූ වටපිටාවක මෙම තත්ත්වයෙන්...

විදුලිය කපන්නෙ නැහැ කියලා දේශපාලඥයෝ කියන්නේ බොරු – මහජන උපයෝගීතා කොමිසම

විදුලිය විසන්ධි නොකරන බවට ඇතැම් දේශපාලඥයින් පවසන කරුණු පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. අද...

මම කවදාවත් ජනාධිපතිතුමාව නාවලා නැහැ – ඥාණක්කා

0
තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව කිසිදු දිනෙක නහවා නොමැති බව අනුරාධපුරයේ සුප්‍රසිද්ධ චරිතයක් වන ඥාණක්කා පවසනවා. ඒ සන්ඩේ ටයිම්ස්...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...