කිසිවිටෙක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණවලට බිය නොවන පක්ෂයක් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්.
බොහෝ දේශපාලන පක්ෂ ගම් මට්ටමේ ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගෙන නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.
“සමහරු පසුගිය දවස් වෙකොට දිනලා හිටියේ. හුළං පුම්බලු බෝලයක් උඩ ගියා වගේ. දැන් බිමට එන්න පටන් අරගෙන තියෙනවා. එදා මේ අයට ඇවිත් රට භාරගන්න කිව්වාම ඔය කෑගහන දෙගොල්ලොම ඒ වෙලාවේ රට භාරගත්තේ නැහැ.
එයාලා දන්නවා එයාලට කරන්න පුළුවන් හරිය කොච්චරද කියලා. මිත්‍රවරුනී මේ වගේ අය තමයි අහන්නේ, අපි ඡන්දයට බයද කියලා.
අපි කිසිම බයක් නැහැ ඡන්දෙයකට. අපි ගමට වැඩක් කරපු පක්ෂයක්. එහෙම නැතුව TV එකෙන් දිනලා, පත්තරෙන් දිනලා, ගිහිල් ගමේ ඡන්ද කරන්න බැහැ.
ඒ අය ඡන්දයට බය නැත්නම් ඇයි නිතරම ජනතාව කුපිත කරන්නේ ? අද ඒ අය පාසල් දරුවන්වත්, තව පැත්තකින් රෝගීන්වත් ප්‍රාණ ඇපයට අරගෙන එයාලගේ ඉල්ලීම් දිනාගන්න තැනට වැටිලා තියෙනවා.
කම්කරු අයිතීන් දිනාගන්න එක වරදක් නෙමෙයි. හැබැයි මිනිස්සු ප්‍රාණ ඇපයට අරගෙන ආර්ථිකයත් ජන ජීවිතයත් කඩාබිඳ දානවනම් ඒ අය කරන්නේ මහ අපරාධයක්.”