27.7 C
Colombo
Thursday, April 25, 2024

පාස්කු වාර්තාව ගිය ආණ්ඩුවෙන්, ඒ වගකීම අපි බාරගන්නෙ නෑ

- Advertisement -

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කළේ පසුගිය යහපාලන රජය විසින් බැවින් එම කොමිෂන් වාර්තාවේ වගකීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය විසින් බාර නොගන්නා බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි.

අමාත්‍ය නිමල් ලංසා මහතා මේ බව පැවසුවේ ඊයේ (26) මාතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම පත්කළේ යහපාලන ආණ්ඩුව. ඒ නිසා ඒ කොමිෂන් වාර්තාවෙ වගකීමත් අපි ගන්නෙ නැහැයි කියන එක ඉතාම පැහැදිලිව මේ අවස්ථාවෙදි කියන්න ඕනෙ.

මොකද, ඒ සමහර තීන්දු තීරණ පිළිබඳව අද සමාජයේ මත ගැටුමක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා පැහැදිලිවම කතෝලික පුද්ගලයෙක් විදියටත් කතෝලික සභාව නියෝජනය කරන පුද්ගලයෙක් විදියටත් මම කියන්නෙ අපි කොයිම අවස්ථාවකවත් මේ රටේ සිංහල බෞද්ධ සංවිධාන පිළිබඳව හොයන්න කිව්වෙ නෑ. ඒ වාර්තාව පදනම් කරගෙන මේ රටේ සිංහල බෞද්ධ ජනතාව සහ මේ රටේ කතෝලික ජනතාව අතර ප්‍රශ්න ඇතිකිරීම සඳහා තමයි කවුරුහරි උත්සාහ කරලා තියෙන්නෙ කියන එක මට පේනවා.

කතෝලික මන්ත්‍රීවරු ලෙස අපි කියන්නේ පාස්කු ප්‍රහාරය වාර්තාව නිසා යම් කිසි සිත්තැවුලක් සමහර සංවිධානවලට වෙලා තියෙනවා නම් පාස්කු ප්‍රහාරය පිලිබද සොයා බලපු ඒ කමිටුවට අපගේ විරෝධය ප්‍රකාශ කරනවා ඒ කටයුත්ත කිරීම පිළිබඳව.

අපි මේකෙදි බැලුවෙ, මේ පාස්කු ප්‍රහාරය එල්ල කළේ මේ රටේ බෞද්ධ ජනතාව නෙවෙයි, ස්වාමීන් වහන්සේලා නෙවෙයි. මේ පාස්කු ප්‍රහාරය එල්ල කළේ ත්‍රස්තවාදීන්. ඒ ත්‍රස්තවාදීන්ට උදව් කළේ කවුද, අනුබල දුන්නෙ කවුද කියන එකයි අපි බලාගෙන හිටියෙ එන්න. හැබැයි ඒකත් මේ කොමිෂන් වාර්තාව තුළ ඇවිල්ලා නෑ. ඒ නිසා මේ කොමිෂන් වාර්තාව පිළිබඳ අපට දැඩි අප්‍රසාදයක් තියෙනවා කියන එක අපි කියන්න ඕනෙ” යැයි ඔහු පවසයි.

RECENT ARTICLES - SINHALA

රෝග සුව කරන මධ්‍යස්ථානයකට ගිය කාන්තාවක් හදිසියේ මිය ගිහින්

මදුරන්කුලිය පොලිස් වසමේ දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් කාන්තාවක් ඊයේ (24) මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ කාන්තාව පුත්තලම රෝහල වෙත...

නිල සංචාරය නිම කරමින් ඉරාන ජනපති දිවයිනෙන් පිටව යයි

ඉරාන ජනාධිපති ආචාර්ය ඉබ්‍රාහිම් රයිසි මහතා සිය නිල සංචාරය නිම කරමින් ඔහු පැමිණි විශේෂ ගුවන් යානයෙන් ඊයේ(24) රාත්‍රියේ දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ ශ්‍රි...

ශ්‍රී පාද උඩමළුවෙන් පහළට පැන්න තරුණයා හමුවෙලා

කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ දිනේෂ් හේමන්ත නමැති වයස අවුරුදු 33 ක සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයා...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...