28.4 C
Colombo
Friday, April 26, 2024

අපි ශ්‍රී ලංකාව වගේ වැටෙන්නෙ නෑ..! – බංගලාදේශ අගමැතිනියගෙන් පොරොන්දුවක්

- Advertisement -

ශ්‍රී ලංකාවට සිදු වූ අයුරින් බංග්ලාදේශ ආර්ථිකය කිසිදිනක කඩා වැටීමට ඉඩ නොදෙන බව බංග්ලාදේශ අගමැතිනි සීක් හෂීනා පවසනවා

බංග්ලාදේශයේ පියා ලෙස සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ 47 වැනි ගුණානුස්මරණ සංවත්සරය සනිටුහන් කරමින් ඩකා අගනුවර බංගබන්ධු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ (BICC) සංවිධාන කර තිබූ උත්සවයේදී ඇය එරට ජාතිය හමුවේ මෙම පොරොන්දුව ලබා දුන්නා.

බංගලාදේශය ඉදිරියේ ඇති සියලු අභියෝග ජය ගනිමින් සංවර්ධිත රටක් කරා යන ගමන අඛණ්ඩව ඉදිරියටම යන බවයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

“බංගලාදේශය කිසිදා ශ්‍රී ලංකාව මුහුණදුන් තත්ත්වයට පත් නොවනු ඇත, එය එසේ සිදුවීමටත් කිසිදු ඉඩක් නොතබන්නෙමි. කෙසේ වෙතත්,පැවැති BNP පාලනය තුළ බංග්ලාදේශයට ශ්‍රී ලංකාව වැනි තත්වයකට මුහුණ දීමට සිදු වූ නමුත් අප ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන අවාමි ලීගය රජයේ දුරදර්ශී ප්‍රතිපත්ති සහ නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් ආර්ථික අගාධයකට වැටීමට නියමිතව තිබූ රට එම තත්ත්වයෙන් මුදා ගත්තා” යැයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...