25 C
Colombo
Saturday, May 24, 2025

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

- Advertisement -

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන දේපල විකුණා මුදල් රැගෙන එනතාක් තමන් ආණ්ඩුව සමඟ සටන් කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ ජන හමුවකට සහභාගි වෙමින්.

ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ජනතාවට දුන් නොයෙක් පොරොන්දු ඉටු කරන තාක් තමන් සටන් කරන බවත්, පනත සම්මත කරගත් ආණ්ඩුව රාජපක්ෂ පවුල විසින් සොරකම් කළා යැයි කියන සියලුම ධනය ලංකාවට ගෙන ඒම රජයේ වගකීම බවත් එම ධනය ගෙන එනතුරු තමන්ගේ සටන අත් නොහරින බවද ඔහු සඳහන් කරනවා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“රාජපක්ෂලගේ ඩුබායිවල හෝටලයක් තියෙනවා කිව්වා. ලැම්බෝගිනි 18 ක් බානවා දැක්කා, ඇමෙරිකාවේ මාලිගාවක් තිබෙනවා කිව්වා. උගන්ඩාවට තවදුරටත් ගුවන් යානයකින් සල්ලි ගෙනිච්ච කිව්වා.අපි උපරිම සහයෝගය දෙනවා මේ ධනය ලංකාවට ගේන්න.එසේ නොමැති නම් තමන් වේදිකාවේ කිව්වේ බොරු කිව්වේ කියලා ජනතාවගෙන් සමාව ගත යුතුයි. ජනතාව රැවටීමට කිසිම අයිතියක් රජයට නැහැ. ආණ්ඩුව ඉදිරි වසර 5ත් බොරු කිය කිය ඉන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ආණ්ඩුව දුන්න පොරොන්දු ඉෂ්ට කරනතුරු අපි ආණ්ඩුව ඉස්සරහට තල්ලු කරනවා.ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ. එයාලා දුන්න පොරොන්දු ඉෂ්ට කරන තුරු අපි පස්සෙන් එලවනවා.”

RECENT ARTICLES - SINHALA

බිංගිරිය විද්‍යා පීඨයේ සිසුවියක් සියදිවි හානිකරගෙන

බිංගිරිය, වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිසුවියක ඊයේ (23) පස්වරුවේ සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසනවා. වයස අවුරුදු 23ක් වූ දෙවන වසරේ ශිෂ්‍යාවක් මෙලෙස සියදිවි...

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් ගැන රජයෙන් තීරණයක්

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය පවසන්නේ, රජයේ අරමුණ ඉඩම් අයිතිය ඇති ජනතාවට...

සජබේ අවුලක්: තවත් තුනක් ඉල්ලා අස්වෙලා

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මෙසේ ආසන සංවිධායක ධූරවලින්...

POPULAR ARTICLES

දසුන් ශානක යළි විස්සයි විස්ස සංචිතයට

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට නැවතත් දසුන් ශානක කැඳවීමට සූදානමක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික උපුල් තරංග පවසනවා.  ඩේලී එෆ්.ටී පුවත්පත වෙත...