32 C
Colombo
Friday, April 19, 2024

අපි වර්ජනය කරන්නෙ නැහැ. ඕනෙ නම් උද්ඝෝෂණයක් කරන්නම් – GMOA

- Advertisement -

වෘත්තීය සංගම් 100 කට අධික සංඛ්‍යාවක සහභාගීත්වයෙන් හෙට (28) ක්‍රියාත්මක වන දැවැන්ත වැඩවර්ජන ක්‍රියාමාර්ගයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහභාගී නොවන බව එම සංගමය පවසනවා.

අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු පැවසුවේ වැඩවර්ජනය නොකරනමුත් වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දක්වමින් උද්ඝෝෂණ කිහිපයක් සංවිධානය කර ඇති බවයි.

එම සංගමය පවසන්නේ මේ වන විටත් අතිශය පීඩාවට පත්ව සිටින ජනතාව තවදුරටත් අපහසුතාවයට පත්කරමින් වැඩවර්ජනයක නිරතවීමට තම සංගමය සූදානම් නොමැති බවයි.

මේ අතර ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා සිටියේ හෙට වැඩවර්ජනයට එක් නොවීමට බස්, දුම්රිය ඇතුළු ප්‍රවාහන සංගම් එකඟතාවය පලකළ බවයි.

කෙසේවෙතත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සදහන් කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.

නමුත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ තම සංගමය කිසිදු දේශපාලන පක්ෂයක අතකොලුවක් නොවන බැවින් හෙට දිනයේ වැඩවර්ජනයට එක් නොවන බවයි.

එහෙත් බස්රථ හිමිකරුවන් හට තමන්ගේ අභිමතය පරිදි ක්‍රියාකළ හැකිබවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

මේ අතර ශ්‍රී ලංකා ගුවන්තොටුපළ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලය මෙම වර්ජන ක්‍රියාමාර්ගයට එක් නොවීමට තීරණය කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු 25 වනදා තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...

පැය 12 ක ජල කප්පාදුවක්

එළඹෙන අප්‍රේල් 24 වන දින (බදාදා) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එම...

සේවකයන් නඩු දැම්මත් පනත හකුලන්නේ නැහැ – කංචන

විදුලි සේවකයන් 24,000 නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත්, වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත්, විදුලිබල...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...