27.6 C
Colombo
Thursday, March 27, 2025

ඊළඟ ඡන්දෙටත් ගෑස් සිලින්ඩරය ගන්න පුළුවන්ද කියලා බලනවා – ආශු

- Advertisement -

ඉදිරි මහ මැතිවරණයට තරග කරන්නේ කුමන ලකුණක් යටතේ ද යන්න අනිද්දාට පෙර ප්‍රකාශයට පත් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ රැස්වීමකින් අනතුරුවයි.

එහිදී සමඟි ජනබලවේගය සමඟ සිදු කරන සාකච්ඡා සම්බන්ධයෙන් සහ පක්ෂ මහලේකම් ධූරය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කල ඔහු කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සාකච්ඡා ඉදිරියටත් පවත්වා ගෙන යාමට කටයුතු කරන බවයි.

එමෙන්ම ජනාධිපතිවරණයේදී තම පාර්ශවට ලබා දුන් ගෑස් සිලින්ඩරය ලකුණු මහමැතිවරණයට තරඟ කිරීමේදී මැතිවරණ කොමිෂන් සභාවෙන් ලබා ගත හැකිද වීමසන අතර, එය ලැබුණහොත් එම සලකුණින් ඉදිරියට යන්න කටයුතු කරන බව ඔහු කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

Breaking : නාමල්ගේ ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු අයින් වෙලා

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩු විභාගයෙන් තමන්...

රාජ්‍ය පොසොන් උත්සවයෙන් මම ඉවත් වෙනවා – මිහින්තලේ හිමි

මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ සියලු සංවිධාන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ, මිහින්තලා...

පොදු ප්‍රවාහන සේවාවට බාධා කළොත් වැඩ වරදින ලකුණු

පොදු ප්‍රවාහන සේවාවට බාධා පමුණු වන පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ප්‍රවහන, මහාමාර්ග ,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය විසින්. එහි නියෝජ්‍ය අමාත්‍ය...

POPULAR ARTICLES

Breaking : නාමල්ගේ ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු අයින් වෙලා

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩු විභාගයෙන් තමන්...

ට්‍රම්ප් නව ආනයනික බදු ප්‍රකාශයට පත්කරයි

අමෙරිකාවට ආනයනය කරන ලද මෝටර් රථ සහ අමතර කොටස් සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව ආනයනික බදු ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...