31 C
Colombo
Friday, April 19, 2024

බාල චීන අසූචි පොහොර ගෙන්නන්න තරම් ඇඟේ අමාරුවක් නෑ..!

- Advertisement -

චීන පොහොර ආනයනය නතර කිරීමට සිදු වූ‍යේ ඒවා ප්‍රමිතිගතව නිෂ්පාදනය කර නොතිබීම හේතුවෙන් බව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, බදුල්ල දිස්ත්‍රික්කයේ වී වගාව සඳහා ප්‍රථම කාබනික පොහොර තොගය නිකුත් කිරිමේ සමාරම්භක උත්සවයට එක් වෙමින්.

චීන පොහොර ආනයනය සම්පූර්ණයෙන් නරත කිරීමට සිදු වීම මත ඉන්දීයවෙන් දියර පොහොර ආනයනය කිරීම සඳහා ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

“චීන සමාගමක් ඉදිරිපත් වුණා. සමහර අය කියනවා චීන අසූචි ගෙන්නනවා කියලා. එහෙම චීනයෙන් අසූචි ගෙන්නන්න තරම් අපේ ඇඟේ අමාරුවක් නෑ අපිට. ප්‍රමිතිගතව නිෂ්පාදනය කරලා නොතිබුණ නිසා අපි ආනයනය සම්පූර්ණයෙන් නතර කළා

අපි ඉන්දියානු රජයෙනුත් ඉල්ලිමක් කලා. ඒ අනුව තමයි නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කරන්න පුළුවන් වුණේ, ඒ් අපිට ඒ්කෙන් යැපෙන්න නෙමෙයි. වගාවේ යම් අඩුවක් සිදු වුණොත් ගොවි රක්ෂණ මණ්ඩලය මගින් සියලු ගොවීන්ට අවශ්‍ය වන වන්දි ලබාදීමට අපි කටයුතු කරනවා” යැයි ඔහු පවසනවා.


RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...