28 C
Colombo
Tuesday, April 16, 2024

ඔටුන්නක් වගේ එකක් දාගෙන ඉන්නේ නළුවෙක් නිසා නෙවෙයි – කාදිනල් හිමි

- Advertisement -

තමා හිසේ ඔටුන්නක් වැනි දෙයක් පැළඳ සිටින්නේ රඟපෑමට නොවන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

ඒ, වාද්දුව ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින්.

ජනතාවගේ දුකේදි මෙන්ම සැපේදීත් ජනතාව සමඟ සිටීම සිය තනතුර සමඟ පැවරුණු රාජකාරියක් බවයි කාදිනල්තුමන් පෙන්වා දෙන්නේ.

පාස්කු ප්‍රහාර මාලාව පිටුපස මතුපිටින් පෙනෙන දෙයට වඩා විශාල වැඩපිළිපිවෙලක් යටින් තිබුණු බව දිනෙන් දින වැටහෙමින් ඇති බවත් පාස්කු ප්‍රහාරය පිටුපස ඇති සත්‍ය අනාවරණය කරගන්නා තෙක් සිය අරගලය අත් නොහරින බවත් කාදිනල්තුමන් පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

“මේ ඔටුන්නක් වගේ එකක් දාගෙන ඉන්නේ නාට්‍යය ක් රඟපාන නළුවෙක් නිසා නෙමෙයි. මේක විහිලුවක් නෙමෙයි. මේ තනතුර දරනවා නම් ජනතාවගේ දුකේ දී සැපේ දී ඔවුන් සමග සිටින්නට ඕනේ. මතුපිටින් පෙනෙන දේට වඩා ලොකු දෙයක් ඊට යටින් තිබුණා කියලා අපිට එන්න එන්නම වැටහෙනවා. අපිට පළිගන්න ඕන කමක් නෑ. නමුත්, ඇත්ත මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. ඒක සොයා ගන්නා තුරු අපි මේ අරගලය අතහරින්නේ නෑ. මේකෙ නරකම පැත්ත තමයි.. මේ ප්‍රහාරය ගැන හොඳට දැනගෙන ඉඳලා ඒක වළක්වන්නට ඇතැම් උසස් උදවිය මුකුත් වුණේ නෑ වගේ සාන්තුවරු වගේ ජීවත්වෙනවා.

ඒක තමයි අපිට දරාගන්න බැරි කාරණාව. ජනාධිපති කොමිෂන් සභා වාර්ථාවෙන් පවා නිර්දේශ කරලා තියෙන දේවල් පවා ක්‍රියාත්මක කරන්නට අපි කොච්චර කිව්වත් බලධාරීන් කටයුතු කරන්නේ නෑ. ඒක ඒහෙම වෙන්නේ මොකක් හරි වගකීමක් ඒගොල්ලන්ගෙත් තියෙනවා ද? මේ ප්‍රහාරවලට කියලා අපිට සාධාරණ සැකයක් ඇති වෙනවා. ඒ සැකය දුරු කරන්නට නම් ජනාධිපති කොමිෂන් සභාවෙන් නිර්දේශ කරලා තියෙන දේවල් ක්‍රියාවට නංවන්න කටයුතු කරන්න. මෙතන අපිට දේශපාලනයක් නෑ. අපිට ඕනේ සාධාරණය සහ සත්‍ය.”

RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන ඇමති සුසිල් චිකාගෝ ගිහින්

ඇමරිකාවේ සංචාරයක නිරත අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා චිකාගෝහි පිහිටි ඉලිනොයිස් සරසවියේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ එහිදී එම සරසවියේ සෞඛ්‍ය සහ...

කොත්තු රොටියට රු 1900ක් ඉල්ලූ කෑම කඩේ මුදලාලි අත්අඩංගුවට

කොළඹ Street Food අලෙවි සැලකදී රුපියල් 1,900කට කොත්තු රොටියක් අලෙවි කිරීම සහ එය ප්‍රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට අඩත්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙක් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආහාර...

සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ, ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා අද (16) පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා මියයන විට ඒ මහතා 92 වැනි වියේ පසුවුණා. 1931...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...