30 C
Colombo
Tuesday, April 29, 2025

වෙලේ සුදාගේ සහෝදරයා අත්අඩංගුවට

- Advertisement -

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුනිමල් කුමාර නොහොත් “තාජු” නැමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද (17) රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ පළාගොස් සිටියදීයි.

ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින සමන්ත කුමාර හෙවත් “වෙලේ සුදාගේ” සහෝදරයෙක් බවටද හඳුනාගෙන ඇති බව පොලීසිය පවසනවා.

ගල්කිස්ස පොලීසියට අනුයුක්ත බඩෝවිට පොලිස් මුරපොළේ නිලධාරින් පිරිසක් ඊයේ පස්වරුවේ බඩෝවිට අදියර තුන ප්‍රදේශයේ විශේෂ මත්ද්‍රව්‍ය වැටලීමක් දියත් කර තිබුණා.

පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට වැටලීම අතරතුර ලද තොරතුරකට අනුව පොලිස් ස්ථානාධිපතිවරයා සැකකරු අත්අඩංගුවට ගැනීමට ගොස් තිබුණේ කොස්තාපල්වරයෙක් ද සමඟයි.

එහිදී ප්‍රදේශයේ මාර්ගයක් අසළ රැඳී සිටි සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ මත්ද්‍රව්‍ය තිබී ඇති අතර ඒ අනුව පොලීසිය ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගෙන තිබුණා.

අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් සැකකරු පොලීසිය සමග පොරබදා ඇති අතර, එහිදී ඔහු කොස්තාපල්වරයාට තියුණු ආයුධයකින් තුවාල සිදුකර පළාගොස් තිබෙනවා.

පිහි ඇනුමෙන් උරහිසට හා උදරයට සිදුවූ තුවාල හේතුවෙන් කොස්තාපල්වරයා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

RECENT ARTICLES - SINHALA

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ පැවති දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථාතත්වයට පත්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඉඳුරුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පාලමක ඇතිවූ ගැටලුවක් හේතුවෙන් අද (29)...

30ක් රෝහලට යැවු බස් අනතුරක්

බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව අසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා...

මාස 8කට පෙර මිය ගිය සැක සිරුරක්

කැස්බෑවේ ප්‍රදේශයේ නිවසක් තුළ මාස 8ට පමණ පෙර මිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ (28) රාත්‍රීයේ එම සිරුර සොයාගෙන තිබුණේ කැස්බෑව,...

POPULAR ARTICLES