28 C
Colombo
Thursday, January 16, 2025

වැලිගම සිදුවීම : පාරේ ගිය පස් දෙනෙකුට වෙඩි තැබීමක්

- Advertisement -

අද (4) අළුයම 1ට පමණ වැලිගම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබුණා.

වැලිගම පොලිස් වසමේ කප්පරතොට වල්ලිවෙල මාර්ගයේ පා ගමනින් ගමන්කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකුට මෙලෙස වෙඩිතබා ඇති බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

පොලීසිය පවසන්නේ මේ අතරින් පුද්ගලයන් දෙදෙනෙකුට පමණක් වෙඩි වැදී ඇති අතර ඉන් එක් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවයි.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ කප්පරතොට ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි පුද්ගලයෙක්.

තුවාල ලැබූ පුද්ගලයා ද එම ප්‍රදේශයේම පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය තවදුරටත් පවසනවා.

යතුරුපැදි තුනකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව මේ වන විට හෙළි වී තිබෙනවා.

කෙසේවෙතත්, මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. වැලිගම පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...