28 C
Colombo
Thursday, May 19, 2022

පාස්කු ප්‍රහාරක ඉබ්‍රාහිම්ට අයත් වැල්ලම්පිටිය තඹ කම්හල රාජසන්තකයි

- Advertisement -

පාස්කු ඉරුදින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හැරි මොහොමඩ් ඉබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ්ට අයත්ව තිබු වැල්ලම්පිටිය ” ක්ලෝස්යස් ” තඹ කර්මාන්ත ශාලාව ඉකුත් මැයි මස 20 වනදා රාජසන්තක කළ බව අද මාධ්‍යයට අනාවරණය කෙරුණා.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද එම කර්මාන්ත ශාලාවේ සිදුකළ නිරික්ෂණය චාරිකාවකදි මේ පිළිබද අනාවරණය කළා.

අදාළ කර්මාන්ත ශාලාව පිළිබද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු එය රාජසන්තක කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතේ තමන්ට ඇති විධිවිධාන ප්‍රකාරව ජනාධිපතිවරයා මෙම කර්මාන්ත ශාලාව රාජසන්තක කර තිබෙනවා.

අද එහි සිදුකළ නිරික්ෂණය චාරිකාවේදි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කළේ ඉදිරියේදි කැබිනට් පත්‍රිකාවක් මගින් මෙම කර්මාන්ත ශාලාව කර්මාන්ත සංවර්ධන මණ්ඩලය යටතට පවරා ගැනීමෙන් පසු එය දේශිය තඹ කර්මාන්තයේ සැපයුම වැඩි කිරීමට යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා,

පසුගිය මැයි මාසයේ 20 වැනිදා රජය විසින් රාජසන්තක කළ මෙම ස්ථානය අපි කවුරුත් දන්නවා මීට පෙර ඒ පාස්කු ඉරිදා අමානුෂික ක්‍රියාදාමයට සම්බන්ධ වූ ඉබ්‍රාහිම් පවුලට අයත් දේපළක්. එය දැනට රහස් පොලිසිය භාරයේයි පවතින්නේ. අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරලා අපි බලාපොරොත්තු වෙනවා මෙම තඹ කර්මාන්ත ශාලාව පවත්වාගෙන යන කොටස කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගැනීමට. මෙහි සියලු යන්ත්‍ර සූත්‍ර තිබෙන්නේ තඹ ආශ්‍රිත නිෂ්පාදන සිදුකිරීමටයි. මෙම යන්ත්‍රසූත්‍ර දිරාපත් වීමට ඉඩ නොදී රටට ප්‍රයෝජනයක් ගත යුතුයි. එමගින් මෙරට තඹ ආශ්‍රිත කර්මාන්තයන්ට අවශ්‍ය කරන නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට මෙම ස්ථානය පත් කිරීමට අපට හැකි වේවි. ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට තමයි මෙම ස්ථානය නිරීක්ෂණයට අපි පැමිණියේ.

RECENT ARTICLES - SINHALA

අත්අඩංගුවට ගත් රූපවාහිනී නිවේදිකාවට ඇප

සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක් වන වසුන්දරා ගමගේ මහත්මියට ඇප ලබාදී...

පවිත්‍රා වන්නිආරච්චි CID යට

හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා ඇයගේ සැමියා වන කාංචන ජයරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ පසුගිය...

රූපවාහිනී නිවේදිකාවක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත රූපවාහිනී නිවේදිකාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා. 39...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...