28.4 C
Colombo
Friday, April 26, 2024

කොදෙව් – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනයේ ගෞරවය ශ්‍රී ලංකාවට

- Advertisement -

ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ දෙවන අදියර සඳහා වූ ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (21) ආරම්භ වුණා.

ඒ අනුව පළමු දිනය අවසානයේ පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය සඳහා තරඟය නතර කරනවිට කඩුලු 3ක් දැවි ලකුණු 267ක් රැස්කරගෙන සිටියා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද ආරම්භ වූ තරඟයේ ප්‍රධාන තරඟ තීරක ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා හිටපු නායක රංජන් මඩුගල්ලේ මහතා, ලොව ටෙස්ට් තරග 200 ක තරඟ තීරකවරයා ලෙස කටයුතු කරන ලද පළමු පුද්ගලයා ලෙස අද වාර්තා අතරට එක්වුණා.

ඒ අනුව ඔහුගේ එම ලෝක වාර්තාව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීම තරඟයට පෙර සිදුකරනු ලැබුවා.

තරඟයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ශ්‍රී ලංකා නිත්‍ය ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න මෙම තරඟාවලියට සහභාගී නොවීම නිසා දිමුත් කරුණාරත්න සමඟ පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ඉනිම ඇරඹුවා.

පළමු කඩුල්ලට දිමුත් සහ පැතුම් ලකුණු 139ක සබඳතාවක් ගොඩ නැගුවේ ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක අඩිතාලමක් දමමින්.

එම සබඳතාව සමඟ 2018 වසරේ සිට ටෙස්ට් තරඟයක පළමු කඩුල්ල සඳහා ශතක සබඳතා 7ක් ගොඩ නැගු පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වුණා.

එමෙන්ම එය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවන් පළමු කඩුල්ල සඳහා ගොඩනගා ඇති හොඳම සම්බන්ධතාවයයි.

මේ අතර රොස්ටන් චේස් යැවූ පළමු පන්දුවාරයේදී දිමුත් කරුණාරත්න එල්ල කළ පහරක් ෆෝවඩ් ශෝට් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටි ජෙරම් සොලොසානෝගේ හිස් ආවරණයේ වැදීම හේතුවෙන් ඔහුව වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල්ගත කරනු ලැබුවා.

ජෙරම් සොලොසානෝ තමන් සහභාගී වූ මංගල ටෙස්ට් තරගයේදිම මෙම අනතුරට මුහුණදීම විශේෂත්වයක්.

දිවා ආහාරයෙන් පසු ලකුණු 56ක් රැස් කරගෙන සිටි පැතුම් නිස්සංක දවාගැනීමට ෂැනොන් ග්‍රේබ්‍රියල් සමත්වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 13වන ශතකය රැස් කළා.

අද දිනය සඳහා තරඟය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවි රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 267ක්.

දිමුත් කරුණාරත්න නොදැවි ලකුණු 132 ක් සහ ධනංජය ද සිල්වා නොදැවි ලකුණු 56 ක් රැස් කරගෙන කඩුල්ලේ රැදී සිටියා.

හෙට තරඟයේ දෙවැනි දිනයයි.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...