27 C
Colombo
Friday, April 19, 2024

පුරවර උදානය නවතින ලකුණු?

- Advertisement -

අනුරාධපුර මහ නගර සභාව මගින් පොසොන් උත්සවය සමයේ අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙලේ පාසැල් පිහිටි ප්‍රදේශයේ පිහිටි වලිසිංහ හරිශ්චන්ද්‍ර උද්‍යානයේදී ලබන මැයි මස 04 වෙනිදා සිට පැවැත්වීමට කටයතු සූදානම් කර තිබුණා.

නමුත් එම පුරවර උදානය සැණකෙළිය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන බැවින් වහාම නතර කරන්නැයි උතුරුමැද පළාත් වැඩබලන ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා අද (29) නියෝග කර තිබෙනවා.

මෙම පොසොන් සැණකෙළිය පැවැත්වීම නිසා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින් බලවත් පිඩාවන්ට පත්වන බවට අනුරාධපුර අටමස්ථානාධිපති අතිපුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ගුරු දෙගුරුන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් විසින් දැඩි විරෝධයක් එල්ල කොට තිබෙන බවට මාධ්‍ය මගින් තොරතුරු රටට හෙළි කර තිබු බවත් ඒ සම්බන්ධයෙන් තම ස්තුතිය පල කරන බවත් වැඩබලන ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී...

තරුණ තරුණියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන්...

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...