24 C
Colombo
Wednesday, January 22, 2025

සැලුන් එකකින් කොන්ඩෙට සාත්තුවක් ගත් කතට වුණ දේ

- Advertisement -

වැලිකඩ ප්‍රදේශයේ රූපලාවණ්‍ය ආයතනයකින් සේවාව ලබාගත් කාන්තාවකගේ හිසට ගල්වන ලද ප්‍රතිකාර වලින් අනතුරුව ඇගේ හිස කෙස් ගැලවී හිසට තුවාල සිදුව ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා වැලිකඩ පොලිසියට අද (16) නියෝග කළා.

සිද්ධියට අදාළ නඩුව අද අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේ දී වැලිකඩ පොලිසිය දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

එම ප්‍රදේශයේ කාන්තාවක් වැලිකඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පැමිණිලිකාර කාන්තාව සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් පොලීසිය වෙත පවසා ඇත්තේ ඇය වැලිකඩ ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍ය ආයතනයකින් මීට පෙර ද ප්‍රතිකාර ලබාගත් බවත් පසුගිය දිනක නැවත එහි ගොස් හිසට ප්‍රතිකාරයක් ලබා ගැනීමෙන් අනතුරුව හිසකෙස් ගැලවී තුවාල සිදුව ඇති බවයි.

මෙම සිද්ධියට අදාළව පැමිණිලිකාරියගේ වෛද්‍ය වාර්තාවක් ඉල්ලා ඇති නමුත් මෙතෙක් එය ලැබී නොමැති බවත් අදාළ වාර්තාව ලැබීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES