33 C
Colombo
Friday, March 29, 2024

මගේ දුවට තනතුරක් දුන්නම මොකද වෙන්නේ – ප්‍රසන්න

- Advertisement -

ආණ්ඩුවේ තනතුරු ලබාදීමේදී ඒවා ලබාදිය යුත්තේ ආණ්ඩුවට හිතවත් අයට බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි පදිංචි ප්‍රසන්න රණතුංග මහතාගේ දියණියක් වන පවිත්‍රා රණතුංග මහත්මිය සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ තුන්වන ලේකම්වරිය ලෙස පත්කිරීමට ගෙන ඇති තීරණය පිළිබදව මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

තමන්ගේ දියණිය වීම හේතුවෙන් ඇයට තනතුරක් ලැබීමට ඇති අයිතිය අහිමි නොවන බව සදහන් කළ අමාත්‍යවරයා ආණ්ඩුවට හිතවත් නොවන අය එම තනතුරුවලට පත්කරනු ලැබූවොත් ආණ්ඩුවට විරුද්ධ මතවාද ගොඩනගන බවද මාධ්‍යවේදීන් හමුවේ සදහන් කළා.

ආයතනවල උසස් නිලධාරීන් පත්කිරීමේදී ඔවුන් පිළිබදව සොයා බලා පත්කිරීම් සිදුකිරීමට ජනාධිපතිවරයා පත්කල කමිටුව මේ වන විට ක්‍රියාත්මක නොවන බවද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

2015 අප්‍රේල් හා ජූනි මස අතර කාලය තුළදී මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් අනවසර පදිංචිකරුවන් ඉවත්කර සංවර්ධනය කර නිරවුල් භුක්තිය ලබාදීමට රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවකට සහභාගීවීමට අද (18) කොළඹ මහාධිකරණය වෙත අමාත්‍යවරයා පැමිණි අවස්ථාවේදී මෙම අදහස් පළකළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග හා ඔහුගේ බිරිය මොරින් රණතුංග විත්තිකරුවන් කරමින් මෙම නඩුව පවරා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනපති සටනට මමත් එනවා – පාඨලී

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා සූදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී...

ඥානසාර හිමිට ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන්...

මුහුදුබඩ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් ගැන දැනුම් දීමක්

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ අද(29) හෙට සහ අනිද්දා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය විමේ ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී එන්.ජේ. ඉදිපොළගේ කියා සිටියේ බම්බලපිටිය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...