තමන් ඩීල් දේශපාලනයේ නොයෙදෙන බවට සජිත් ප්‍රේමදාස පැවසුවත්, මේ වන විටත් ඔහු නාමල් රාජපක්ෂ මෙන්ම හිරු නාලිකාව සමඟත් ඇතිකරගෙන තිබෙන ගිවිසුම් මොනවාද යන්න වහාම රටට හෙළිකරන ලෙස සමගි ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ පවසනවා.
අද (15) පැවති ජන රැළියකට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළා.
ඇය පවසන්නේ, සැප්තැම්බර් 22වදාටත් මේ රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවයි.
රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කිරීම යනු මේ රටේ ජනතාව ජයග්‍රහණය කිරීම බව තලතා අතුකෝරළ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තලතා අතුකෝරල,
“මට සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් කාරණා දෙකක් අහගන්න ඕනෑ. මම විශ්වාස කරනවා එතුමා හුගක් හදුනන හින්දා, ඕනැවට වැඩිය හදුනන හින්දා මේ දෙකටම එතුමා උත්තර දෙයි.
පළවැනි කාරණය රාජපක්ෂලා එක්ක ගිවිසුම් ගහගත්තායැයි කියපු රාජපක්ෂලා රැක්කායි කියපු හොරු රකිනවායි කියපු රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන බොරු ප්‍රචාරය කරපු සමගි ජන බලවේගයේ අය උත්තර දෙන්න ඕනෑ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ මොකක්ද තියෙන ගිවිසුම නාමල් රාජපක්ෂත් එක්ක.
අපට අවශ්‍යයි ඒක දැනගන්න.
ඊළගට ඩීල් එක, එතුමා කියන්නේ මට ඩීල් නැහැ, මම ඔය ඩීල් දේශපාලනයේ නැහැ කියලා. මම අහනවා මිත්‍රවරුනි හිරු නාළිකාවත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද?
මේවා තමයි අහන්නේ. කරුණාකරලා මේවාට උත්තර දෙන්න.”