30.6 C
Colombo
Thursday, April 25, 2024

රතු මල්ලිලා ගැන සජිත් කියූ දේ

- Advertisement -

‘රතු මල්ලිලාට’ හොරු ඇල්ලීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් තම පක්ෂයේ මතයට පිටින් යන ඕනෑම මන්ත්‍රීවරයෙකු පක්ෂයෙන් ඉවත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ ඊයේ පැවති ජනහමුවක් අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායකවරයා,

“සමගි ජනබල බලවේගය බලයට පත්වූ වහාම රාජපක්ෂලා සොරකම් කළ සියලු දේ හෙළි කොට ඔවුන් නීතියේ රැහැනට හසු කරනවා. රජයේ මුදල් සියල්ල නැවත ලබා ගැනීම සඳහා අවශ්‍ය අණපනත් සම්පාදනය කරනවා. මේ රට විනාශ කළේ රාජපක්ෂලා. රතු මල්ලිලාට හොරු ඇල්ලීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ.

අපේ ප්‍රාදේශීය සභා නගර සභා මහ නගර සභාවල කිසිදු සභාපතිවරයකුට උප සභාපතිවරයකුට, මන්ත්‍රීවරයකුට කිසිදු කොන්ත්‍රාත් ලබා ගැනීමට ඉඩ දෙන්නේ නැහැ. පක්ෂයේ මතයට පිටින් යන ඕනෑම මන්ත්‍රීවරයකු එයින් ඉවත් කරනවා”

RECENT ARTICLES - SINHALA

නීති විරෝධී ධීවර කටයුතුවල යෙදුණු පිරිසක් නාවික හමුදා භාරයට

යාපනය, චලෛයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව...

මාස 4ට විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක්

2024 වසරේ ගතවූ කාලය මාස 4 ක කාලය තුළ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලැබී තිබෙනවා....

සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබෙනවා. කඳාන...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...