25 C
Colombo
Thursday, March 23, 2023

මොන පවක් කරලද මන්දා එයා රනිල් රාජපක්ෂ කියලා අහගන්නවා – නාමල්

- Advertisement -

මහජන නියෝජිතයින්ගෙන් පාලනය විය යුතු පළාත් සභා අද වන විට නිලධාරීන් 9 දෙනෙක්ගේ යටතේ පාලනය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අද වන විට ප්‍රාදේශීය සභාවල නිල කාලය අවසන් වීම සමඟ මැතිවරණය පැවැත්වෙන කාලය සම්බන්ධව නිශ්චිත තොරතුරක් නොමැති බවයි.

මේ හේතුවෙන් ප්‍රාදේශීය සභා පාලනය ද නිලධාරීන් සතු වන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

පොදුජන පෙරමුණ තුළ මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුව තිබෙන බවද ඒ මහතා පවසනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

මාධ්‍යවේදියා – දැන් අප්‍රේල් 25 මැතිවරණය පැවැත්වෙනවද?

අප්‍රේල් 25 මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් තමයි අහන්න වෙන්නේ. අපි පක්ෂයක විදියට මැතිවරණයට සුදානම්.

මාධ්‍යවේදියා – හැබැයි අනිත් අය චෝදනා කරන්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව මැතිවරණය තියන්නේ නෑ කියලා?

ඔය රනිල් රාජපක්ෂ කියන කාරණය අද ඊයේ කියපු දෙයක් නෙමෙයි නේ. 2005 ත් කිව්වා 2010ත් කිව්වා 2015ත් කිව්වා රනිල් රාජපක්ෂ කියලා කිව්වා. ඒ රනිල් වික්‍රමසිංහ මහතා මොන පවක් කරලද මම දන්නේ නෑ, අපි මොන පිනක් කරලද පවක් කරලද කියලා දන්නේ නෑ, හැබැයි හැමදාම රනිල් වික්‍රමසිංහ මහතාට රාජපක්ෂ කියන නම ගැට ගැහිලා තියෙනවා.

RECENT ARTICLES - SINHALA

පාඨලීටත් පට්ටමක්..!

0
පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය (ක්‍රම සහ විධි) පිළිබඳ ස්ථාවර කමිටුවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක අද (23) නිතරඟයෙන් තේරී...

Breaking : තැපැල් ඡන්ද යළිත් කල් යයි

0
පළාත් පාලන මැතිවරණ⁣යේ තැපැල් ඡන්දය දැනට නියම කර ඇති දිනවල නොපැවැත්වෙන බව, මැතිවරණ කොමිසම නිවේදනය කරනවා. පළාත් පාලන මැතිවරණය...

ශ්‍රී ලංකන්, හිල්ටන්, ලිට්‍රෝ විකුණා දැමීමට අනුමැතිය..!

0
2023 මාර්තු 13 වැනි දින එළැඹුණු කැබිනට් තීරණයකට අනුව ව්‍යවසායන් කිහිපයක රජය සතු කොටස් ඉවත් කිරීමට තීරණයකට එළැඹ ඇති බව මුදල් අමාත්‍යවරයාගේ...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...