27.8 C
Colombo
Thursday, July 17, 2025

ජනාධිපති අරමුදලේ සල්ලිවලට මොකද කළේ; රනිල්ගෙන් උත්තර

- Advertisement -

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම පාලන සමය තුළදී ජනාධිපති අරමුදලින් මුදල් ලබාදී ඇති ආකාරය පිළිබඳ ඊයේ (19) නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර තිබුණා.

එහි දැක්වෙන්නේ 2022 වසර අවසන්වනවිට, පැවති සියලු අයැදුම්පත් සඳහා ගෙවීම් සිදුකල බවත් ඒ සඳහා රුපියල් මිලියන 1515ක්, 2023 වර්ෂයේ රුපියල් මිලියන 839ක් හා 2024 වර්ෂයේ සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ දළ වශයෙන් රුපියල් මිලියන 450ක් රෝගීන් සඳහා වෛද්‍යාධාර ලෙස ගෙවා ඇති බවයි.

මහජන නියෝජිතයන් පෞද්ගලිකවම විවිධ ඉල්ලීම් ඉදිරිපත් කළද එක ඉල්ලීමකට හැර අනෙකුත් සියලු ඉල්ලීම් සඳහා ජනාධිපති අරමුදලේ පවතින සාමාන්‍ය ක්‍රමවේදය අනුගමනය කරමින් රුපියල් ලක්ෂ 10 ඉක්මවා කිසිදු මූල්‍යාධාරයක් ලබාදී නෙමැති බව හිටපු ජනාධිපතිවරයා පවසනවා.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2022 ජූලි 31 වනවිට ජනාධිපති අරමුදලේ පැවති රුපියල් මිලියන 7,000ක මුදල විවිධාකාර ගෙවීම් මධ්‍යයේ වුවද 2024 සැප්තැම්බර් 21 වනදා වන විට රුපියල් මිලියන 11,000 ඉක්මවා යන ශේෂයක් පවත්වාගෙන යාමට තමන් කටයුතු කළ බවයි.

මේ අතර පසුගිය මාස 11 ක කාලය තුළ තමාගේ ආරක්ෂක වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 82ක් වැයවූ බවට සිදුකරන ප්‍රකාශ සත්‍යයෙන් තොර බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

බොරැල්ලේ වෙඩිතැබීමට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

පසුගිය දා බොරැල්ල පොලිස් වසමේ සර්පන්ටයින් පාර ප්‍රදේශයේදී වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊට අදාළ අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙක් බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට...

කුණු ට්‍රැක්ටර්වලින් රැස්වීමට ආපු මන්ත්‍රිවරු

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ චෙංගලඩි සහ වාලච්චේන ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ සභිකයන් ඊයේ(16) මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට කසළ ප්‍රවාහනය කරන ට්‍රැක්ටර දෙකකින් පැමිණ...

ටික් ටොක් සමාගමෙන් සුභ ආරංචියක්

TikTok සාමාජ මාධ්‍යයේ  නියෝජිත පිරිසක් සහ අග්‍රාමිත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුව තිබෙනවා.  විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් ආර්ථික අවස්ථා පුළුල්...

POPULAR ARTICLES