24 C
Colombo
Sunday, January 19, 2025

ආනයනය කරන ලද පොහොරවල ප්‍රමිතිය ගැන හෙළි වූ දේ

- Advertisement -

රුසියානු රජයේ සමාගමක් විසින් නිෂ්පාදනය කර මෙරටට ප්‍රදානය කරන ලද මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් MOP පොහොර තොගයේ ප්‍රමිතිය සම්බන්ධව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම පොහොර තොගයේ වර්ණය පිළිබඳව ගොවීන් සහ ගොවි සංවිධාන අතර යම් කතාබහක් නිර්මාණය වී තිබූ අතර ඒ සම්බන්ධව අමාත්‍යංශයේ අවධානය යොමුව තිබුණා.

ඒ අනුව ආනයනය කරන ලද එම පොහොර සංයුතියේ විශ්ලේෂණ වාර්තාව සහ පරීක්ෂා කරන ලද අනෙකුත් ප්‍රමිතීන් අනුව පොහොර තොගය නිසි ප්‍රමිතියෙන් යුතු බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව අනාවරණය වී ඇත්තේ එම පොහොරවල වර්ණය තැන්පතුවේ පවතින ඛනිජ ලවණ මත තීරණය වන බවයි.

යකඩ ඔක්සයිඩ් පවතින විට මෙහි වර්ණය රතු පැහැයක් ගන්නා අතර එසේ නොවන අවස්ථාවල සුදු පැහැයක් ගන්නා බවත් පොහොරවල ක්‍රියාකාරිත්වයේ කිසිදු වෙනසක් සිදු නොවන අතර එකම පොටෑසියම් ප්‍රමාණයක් සපයන බවත් එහි සඳහන්.

අමාත්‍යංශය පැවසුවේ ඒ සම්බන්ධව පාංශු විද්‍යාව පිළිබඳ විද්‍යාඥ රේණුකා සිල්වා මහත්මිය විසින් ලබා දී ඇති වාර්තාව අනුව මෙය තහවුරු කළ තොරතුරු මත පදනම් වන බවත් ය.

මේ හේතුවෙන් එම පොහොර අනියත බියකින් තොරව භාවිත කළ හැකි බවත් අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

ලෝක ආහාර වැඩසටහනට සමගාමීව රුසියාවෙන් මෙරටට මෙම පොහොර තොගය ලබා දුන් අතර එම පොහොර තොගය රැගත් නෞකාව පසුගිය 12 වැනිදා කොළඹ වරායට පැමිණ තිබුණා.

RECENT ARTICLES - SINHALA

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

මහ ගංවතුර තත්ත්වයක්; වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන

නාච්චාදූව ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බැවින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 3,700 ක් තරම් සීග්‍රතාවයකින් මල්වතු ඔයට ජලය පිටවාන් දැමීම සහ මල්වතු...

POPULAR ARTICLES