හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ එවක සතොස ආයතනයේ හිටපු සභාපති සහ වත්මන් අමාත්‍ය නලින් ප්‍රනාන්දු විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 09 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියම කළා.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ක්‍රීඩා සංගම් අතර බෙදා දීම සඳහා සතොස ආයතනය හරහා කැරම්බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් මිල දී ගැනීම තුළින් රජයට රුපියල් මිලියන 53කට ආසන්න පාඩුවක් සිදු කළේ චෝදනා කොට අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට එරෙහි ව කොළඹ මහාධිකරණය හමුවේ මෙම අධි චෝදනා පත්‍ර ගොනුකර තිබෙනවා.
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම නඩුව අද (01) අමල් රණරාජා, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මහේන් වීරමන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.